Home CRICKET ‘96’ අයියලා යාපනයේදී සටනකට සැරසෙයි

‘96’ අයියලා යාපනයේදී සටනකට සැරසෙයි

1996 ලෝක කුසලාන දිනා ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ලබන මාර්තු මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා යාපනයේදී ක‍්‍රිකට් තරග දෙකකට සහභාගි වීමට සැලසුම් කර ඇත. ලෝක කුසලාන දිනා වසර 25 ක් සැමරීම වෙනුවෙන් මෙම ක‍්‍රිකට් තරගය සංවිධානය කර තිබේ.
යාපනය කණ්ඩායමට 1996 ලෝක කුසලාන සාමාජිකයන් ක‍්‍රීඩා කරන අතර ප‍්‍රතිවාදීන් වන්නේ හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමකි. එම කණ්ඩායමට නම්දැරූ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් අතර විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
1996 මාර්තු මස 17 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවරදී ශ‍්‍රී ලංකාව විසින් ඔස්ටේ‍්‍රලියානුවන්ව පරාජය කරමින් ලද ලෝක කුසලාන සැමරුම වෙනුවෙන් ඊයේ (17 දා* අර්ජුන රණතුංග ඇතුළු කිහිප දෙනෙකු විසින් චාම් උත්සවයක්ද පවත්වන ලදී.