Home FOOTBALL රාජපක්ෂ කුසලාන උස්සන්න බංග්ලාදේශයත් එයි

රාජපක්ෂ කුසලාන උස්සන්න බංග්ලාදේශයත් එයි

බංග්ලාදේශ ජාතික පාපන්දු කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන මහින්ද රාජපක්ෂ කුසලානය සඳහා තරග වදින සිව් ජාතික පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා  ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

මෙම කණ්ඩායමට ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් 35 දෙනෙකු ඇතුළත් වී සිටියහ.

මෙම පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 200 දරන ගුවන් යානයෙන් ඊයේ දින පස්වරු 02.15 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම තරගාවලියේ තරග මෙම නොවැම්බර් මස 08 දින සිට 17 දින දක්වා පැවැත්වීමට නියමිතය.