Home CRICKET තිරිමාන්නට සුළි කුණාටුවක්

තිරිමාන්නට සුළි කුණාටුවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස ස්ථාවර වීමට උත්සහ කරන ළහිරු තිරිමාන්න දිගින් දිගටම සිය රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් හෙට (02 දා) දිල්ලි නුවරදී ආරම්භ වන ටෙස්ට් තරගයේදී ඔහුව බංකුවේ තැබීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.
පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරද පසුගියදා පවසා සිටියේ තිරිමාන්න දැවී යාම සඳහා ගසන පහර පිළබඳව ඔහු පිළිතුරු සැපයීය යුතු බවය. ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ පවසන්නේ, ‘කණ්ඩායමක අංක තුන පිතිකරු කියන්නෙ ඉතාමත් ලොකු රාජකාරියක් කළ යුතු ක්‍රීඩකයෙක් පළමු පන්දුවාර කිහිපයේදීම එම ස්ථානයේ පිතිකරුවා දැවී ගොස් ක්‍රීඩක කාමරයේ රැදී සිටිනවානම් වැඩක් නැහැ.’ යනුවෙනි.