Home CRICKET දැවැන්ත හයේ පහරින් තිසර කොමිලා කණ්ඩායමට ජය ගෙනෙයි-(වීඩීයෝ සහිතයි)

දැවැන්ත හයේ පහරින් තිසර කොමිලා කණ්ඩායමට ජය ගෙනෙයි-(වීඩීයෝ සහිතයි)

මේ දිනවල පැවැත්වෙන බංගලාදේශ  ප්‍රීමියර් ලීග් තරඟා වලියේ ඊයේ පැවැති තරඟයකින් ජය ගන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය. එහිදී වඩාත් කතා බහට ලක් වූයේ ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා තරඟයේ තියුණුම අවස්ථාවේදී දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් වික්ටෝරියන්ස් කණ්ඩායමට ජය අත් කරදීමය. තරඟයේ අවසාන පන්දු ඕවරයේ හතරවැනි පන්දුවට එල්ල කරන ලද දැවැන්ත පහරත් සමඟම කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ සියළු බලාපොරොත්තු සිඳ බිඳ දැමීමට තිසරට හැකිවිය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 07 කට ලකුණු 181ක් රැස්කර ගැනීමට සමත් වූවා. පිත්තෙන් දස්කම් දැක්වූ ජුනෙයිඩ් සිදික් ලකුණු 70ක් සහ අල් අමීන් ලකුණු 32ක් රැස් කර ගනිමින් කුල්නා ඉනිම ගොඩ නැගුවා. පන්දු යැවීමේදී ශාහිඩ් අෆ්‍රීඩී කඩුලු 03ක් සහ වාහිබ් රියාස් කඩුලු 02ක බැගින් බිඳ හෙලනු ලැබුවා.
ජයග්‍රාහී ලකුණු 182ක ඉලක්කය හඹා ගිය කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 04ක් තුලදී ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට සමත් වුණා.
එහිදී කොමිලා කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්බාල් ලකුණු ලකුණු 73ක් හා අනමුල් හක් ලකුණු 40ක් ලබා ගත්තා ඔවුන් දෙදනා අතර පළමු කඩුල්ල සඳහා ලකුණු 115ක සම්භන්ධතාවයක් ගොඩ නගනු ලැබුවා.
මෙම තරඟයේ අනෙක් සුවිශේෂි කාරනය නම් ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ලසිත් මාලිංග කුල්නා ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි.
මාලිංග තම එකම කඩුල්ල බිඳ හෙලුවේ වික්ටෝරියන්ස් කණ්ඩායමේ ප්‍රබල සම්භන්දතාවයක් තබා ගෙන සිටි තමීම් ඉක්බාල දවා ගනිමින්.
ජයග්‍රාහී බලාපොරොත්තු කුල්නා ටයිටන්ස් කණ්ඩායම වෙතට දෝලනය වෙමින් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී 06 වැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 06ක් තුලදී හතරේ පහරවල් 02ක් සහ එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 18ක් රැස්කර අවසන් මොහොතේ කොමිලා කණ්ඩායමට ජය ගෙන ආවා.
පන්දු යැවීමේදී ජුනෙයිඩ් ඛාන් කඩුලු 04ක් හා ලසිත් මාලිංග එක් කඩුල්ලක් බිඳ හෙලුවා. තරඟයේ වීරයා ලෙස තමීම් ඉක්බාල් සම්මානය දිනා ගනු ලැබුවා.

මෙම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

සටහන : නුවන් ජයතිස්ස