
නවසීලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වේගවත් ශතකයක් ලබාගත් තිසර පෙරේරා සිය ශතකයේ ගෞරවය සහ ලකුණු හිමිවිය යුත්තේ පුහුණුකරුවන්ට බව පවසයි. ඔහු මෙම තරගයේදී පන්දු 73 කදී හයේ පහර 13 ක් සහ හතරේ පහර අටක් සමග ලකුණු 140 ක් ලබා ගත්තේය.
‘මගේ පිතිකරණ හැකියාව දියුණු කළාට පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ තිලාන් සමරවීරට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් දෙදෙනා නිතරම මට පන්දු විසි කළා. මේ ශතකයේ ගෞරවය සහ ලකුණු ඔවුන් දෙදෙනාටත් හිමිවිය යුතුයි.’
‘අවසන් කඩුලු දෙක තිබුණත් මම එතනදි කිසිම දෙයක් සිතුවෙ නැහැ. මම වගකීම භාර ගත්තා. මම සඳකැන්ට සහ නුවන් ප්‍රදීප්ට කිව්වෙ මම පුලූවන් තරම් පන්දු පහම හෝ හයම ගහනවා කියලා. ඒ වගේම මේක මගේ පළමු ශතකය නිසා ඇත්තටම මම ගොඩක් ආඩම්බර වෙනවා. මම පසුගිය අවුරුදු අටේදීම ක්‍රීඩා කළේ අංක අට පිතිකරුවා විදිහට. නමුත් දැන් මාව ාඩක් ස්තුතිවන්ත වෙනවා.’