භානුකලා දෙන්නෙක් එකම දවසේ විස්සයි විස්ස වරම් ලබයි

පාකිස්තානය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදීම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් ලැබීමට භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක සමත් විය.
24 හැවිරිදි වමත් පිතිකරුවකු සහ කඩුලූ රකින්නකු වන මිනෝද් භානුක පාකිස්තානය සමග පැවැති තෙවැනි එක්දින තරගයේදී ජාත්‍යන්තර එක්දින වරම් ලැබීමට සමත් විය. ඔහු එම තරගයේදී ලකුණු 36 ක් බා ගත්තේය. පළමු පෙළ විස්සයි විස්ස තරග 32 කදී අර්ධ ශතක තුනක් සමග මුළු ලකුණු 496 ක් ලබා ඇති මිනෝද් භානුකගේ ඉනිමක සාමාන්‍ය 19.07 කි. ඔහු කුරුණෑගල මලිය දේව විදුහලේ ආදි සිසුවෙකු වන අතර එස්.එස්.සී. කී‍්‍රඩා සමාජය නියෝජනය කරනු ලබයි.
27 හැවිරිදි භානුක රාජපක්ෂ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට සහභාගී වන අතර ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. පළමු පෙළ විස්සයි විස්ස තරග 52 කට සහභාගී වී අර්ධ ශතක හයක් සමග මුළු ලකුනු 975 ක් ලබා ඇති භානුකගේ ඉනිමක සාමාන්‍ය 23.78 කි. ඔහු මේ වන විට එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි. ශ‍්‍රී ලංකාවේ 82 වැනි සහ 83 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් වශයෙන් ඔවුන් සටහන් වේ.
පළමු විස්සයි විස්ස තරගයට සහභාගී වන ශ‍්‍රී ලංකා 11 දෙනා
ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, වනිදු හසරංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, නුවන් ප‍්‍රදීප් සහ කසුන් රාජිත