Home GOSSIP ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනූ යුක්රේන සොහොයුරෝ සටන් බිමට

ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනූ යුක්රේන සොහොයුරෝ සටන් බිමට

ලෝක බොක්සිං හෙවිවේට් කිරුළ දිනූ එකම පවුලේ සොහොයුරන් ලෙස ගීනස් වාර්තාවක් තැබූ යුක්රේනයේ ව්ලැදිමින් සහ විටාලි ක්ලිට්ස්ච්කෝ රුසියාවට එරෙහිව යුද පිටියට එක් වී සිටිති. දෙදෙනාම මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටිති.

මේ අතුරින් වැඩිමලා වන 52 හැවිරිදි විටාලි රුසියානු හමුදාවේ ප්‍රධානතම ඉලක්කය වන යුක්රේනයේ කියෙෆ් අගනුවර නගරාධිපතිවරයා වේ. ඔහුගේ බාල සොහොයුරු 46 හැවිරිදි ව්ලැදිමිර් පසුගියදා යුක්රේන යුද හමුදාවේ දේශීය ආරක්ෂක බළකායට එක් විය.

මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වදින බව පසුගියදා ක්ලිට්ස්ච්කෝ සොහොයුරෝ විදෙස් මාධ්‍ය වෙත පැවසූහ.