Home CRICKET උපුල් තරංගට නායකත්වය අහිමි වෙයි

උපුල් තරංගට නායකත්වය අහිමි වෙයි

Sri Lanka captain Upul Tharanga celebrates his team's good bowling innings during the opening match of an ODI series Sri Lanka vs Zimbabwe in Harare, on November 14 2016. / AFP PHOTO / Jekesai Njikizana

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වූ උපුල් තරංගව අදාළ නායකත්වයෙන් ඉවත් කර ඇති අතර දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුට ඒ බව දන්වා තිබේ. තරංග මේ දිනවල බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය නියෝජනය කරමින් සිටින අතරතුර අදාළ පණිවුඩය ඔහුට ලැබී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ඒ අනූව ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න හෝ නිරෝෂන් දික්වැල්ල තිදෙනාගෙන් එක් අයකු පත්කරන බව වාර්තා වේ. ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය භාර ගැනීමට සිටින චන්දික හතුරුසිිංහද අදාළ පත්කිරීම් සම්බන්ධයෙන් දායක වන බව වැඩිදුරටත් සඳහන් වේ.
මේ වසරේදී එක්දින තරග 26 කදී පරාජයන් 21 ක් ලබා ඇති අතර ජය ගෙන ඇත්තේ තරග 4 ක් පමණි. ජය ගත් තරග හතර සිම්බාබ්ව්ට තරග දෙකක්, බංග්ලාදේශයට එක් තරගයක් සහ ඉන්දියාවට තරගයක් වශයෙන් ලබා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව පිට පිටම එක්දින තරග 12 ක් පරාජයට පත්ව තිබේ. එක්දින තරග පහකින් සමන්විත තරගාවලි තුනක් වසරක් තුළදී 5-0 ක් වශයෙන් (දකුණු අප්‍රිකාවට, ඉන්දියාවට සහ පාකිස්තානයට) පරාජයට පත්වූ ලොව එකම කණ්ඩායම බවටද ශ්‍රී ලංකාව පත්විය.
‘අපි එකදිගට එක්දින තරග පරාජය වෙනවා. ඒ නිසා අලූත් නායකයකු පත්කරන්න කටයුතු කරනවා. ලබන 30 වැනිදා නව නායකයා පත්කරනවා. ඉන්දියානු සංචාරයට යන්නෙ නව නායකයෙක්.’ යනුවෙන් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි මහතා පවසයි.
ඇන්ජලෝ මැතිව්ස්ට හෝ ළහිරු තිරිමාන්න දෙදෙනාගෙන් එක් අයකුට එක්දින නායකත්වය ලැබීමේ වැඩි අවධානයක් යොමුව ඇතැයි වාර්තා වන අතර ඒ සඳහා සුදුසුම පුද්ගලයා මැතිව්ස් බව බහුතරයකගේ මතය වී තිබේ.