
ජැමෙයිකාවට ඉමහත් කීර්තියක් ගෙන දුන් උසේන් බෝල්ට් වෙනුවෙන් උපහාර පිළිරුවක් එළිදැක්වීමට ජැමෙයිකානු අගමැති ඇනඩෘ හොලෙස් පසුගියදා පියවර ගත්තේය. මෙම පිළිමය ජැමෙයිකා නිදහස් උද්‍යානයේදී පෙරේදා විවෘත කෙරිණි.
‘මෙය මාව ඉහළින්ම ඇගයූ අවස්ථාවක්. මගේ වෘත්තියේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවක් බවට සැකයක් නැහැ. ජාතික ක්‍රීඩාංගණයක මගේ පිළිමයක් තිබීම ගැන කියන්න මට වචචන නැති සතුටක් තියෙන්නෙ.’ යැයි බෝල්ට් පවසයි.
‘මගේ රටට ආඩම්බරයක් වන විදිහට මම උපරිම අභිලාෂයෙන් ක්‍රීඩා කළා.’ යැයි බෝල්ට් තමාගේ පිළිරුව නිරාවරණය කිරීමේ උත්සවයේදී පවසා තිබේ.
අදාළ පිළිරුව විවෘත කිරීමේ උළෙලට ජැමෙයිකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් සහභාගි විය. තුන් වරක්ම ඔලිම්පික් කී්‍රඩා උළෙලේදී මී.100 සහ මී. 200 ආධිපත්‍ය පතුරුවමින් රන් පදක්කම් දිනූ බෝල්ට් අදටත් එම ඉසව් ද්විත්වයේම ලෝක වාර්තාවේ හිමිකරුය. මී.100 තත්.9.58 කින් සහ මී.200 තත්.19.19 කින් අවසන් කරමින් අදාළ ලෝක වාර්තාවට බෝල්ට් හිමිකම් කියයි.