කෝලි පුහුණු තරගය එපා කියයි

Virat Kohli after prectice session

දකුණු අප්‍රිකාවේ සංචාරය කරන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වීමට නියමිත වූ දෙදින පුහුණු තරගය අතහැර දමා ඇත.
දකුණු අප්‍රිකානු සභාපතිගේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත වූ එම පුහුණු තරගයට සහභාගි වීම තේරුමක් නැති බව ඉන්දියානු නායක විරාට් කෝලි පැවසීමත් සමග අදාළ තරගය අතහැර දමා තිබේ. ඒ වෙනුවට හොඳ පුහුණු සැසි දෙකක් සමග විවේකයක් ලැබීම වැදගත් බවද කෝලි පවසයි.
ටෙස්ට් ශ්‍රේණියේ පෙරමුණ ගෙන සිටින ඉන්දියානුවන්ට පසුගිය 2017 වසරේ අධික තරග සංඛ්‍යාවකට සහභාගි වීමට සිදුවූ අතර ශ්‍රී ලංකාව සමග තරගාවලියෙන් අනතුරුව දින තුනක් ඇතුළත දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමටද ඔවුන්ට සිදුවිය.