ශ්‍රී ලංකාව සමග ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය අවසන් වී පැය 48 ක් ඇතුළත යළිත් දකුණු අප්‍රිකානු සංචාරයට යෑමට සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි සිය ක්‍රිකට් ප්‍රධානීන්ට ප්‍රසිද්ධියේ දොස් නගා තිබේ.
‘අපිට ශ්‍රී ලංකාව සමග තරගාවලිය ඉවර වෙලා කිසිම විවේකයක් ගන්න කලින් දකුණු අප්‍රිකාවේ යන්න තියෙනවා. හරියට දවස් දෙකක් විතර තියෙන්නෙ. අදාළ බළධාරීන් මේ වගේ තරගාවලි යොදා ගන්නකොට ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. අපි ‘රිකවර්’ වෙන්නවත් වෙලාවක් නැහැ.’ යැයි කෝලි ඉන්දියානු මාධ්‍යට පවසා තිබේ.
විරාට් කෝලි ශ්‍රී ලංකාව සමග තරගාවලිය අතරතුර විවාහ ගිවිස ගැනීමට නියමිත අතර ඔහු ඒ වෙනුවෙන් අවසන් තරග කිහිපය ක්‍රීඩා නොකරන බවද කලින්ම පවසා තිබේ. බොහෝ දුරට දෙවැනි ටෙස්ට් තරගයේ සිට හෝ එක්දින තරගාවලියේ සිට විරාට් කෝලි විවාහ උත්සවය නිමිත්තෙන් නිවාඩු යෑමට නියමිතය.
ඉන්දියානුවන් දකුණු අප්‍රිකාවට යෑමට පෙර අදාළ සංචාරය යෙදී තිබුණේ ශ්‍රී ලංකාවටය. නමුත් ශ්‍රී ලංකාව මෑත කාලයේ දැක්වූ දකෂතා සැලකිය යුතු මට්ටමක නොතිබීමෙන් දකුණු අප්‍රිකානුවන් ඉන්දියානු කණ්ඩායම ගෙන්වා ගැනීමට තීරණය කළේය. එබැවින් ඉන්දියානුවන්ට වසරක් තුළදී අදාළ තරගාවලිය යොදා ගැනීමෙන් තරග කාල සටහන වෙනස් වී තිබේ.
දකුණු අප්‍රිකානු තරගාවලියට පුහුණුවීම් කිරීමටවත් ඉන්දියානු කණ්ඩායමට විවේකයක් නොමැතිවීමෙන් ඔවුන් ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලිය පෙරහුරුවක් ලෙස යොදා ගනිමින් තණකොළ සහිත වේගවත් තණතීරු ඉල්ලා තිබේ.