වනිඳුගේ දගපන්දුව වාර්තා පොතට


ලොව වේගවත්ම ක්‍රිකට් තරග රටාව වශයෙන් විස්සයි විස්ස ක්‍රිකට් හැදුන්නුවද දැන් එයට අභියෝග කරමින් පන්දුවාර දහයයි දහය ක්‍රිකට් තරග පෙරට පැමිණෙමින් තිබේ. ජාත්‍යන්තර වශයෙන් තවමත් රටවල් අතර මෙම තරගාවලිය පැවැත්වුවද ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දැන් පන්දුවාර දහයයි දහය තරගාවලියට සහභාගි වේ.
ඊට හොඳම උදාහරණය අබුඩාබි හී පැවැත්වෙන පන්දුවාර දහයයි දහය ක්‍රිකට් තරගාවලියයි. මෙම තරගාවලියේදී පන්දු යවන්නන්ට පිතිකරුව්න්ගෙන් බේරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. නමුත් ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන වනිඳු හසරංග මෙවර අබුඩාබි ටී 10 තරගාවලියේදී පන්දු යැවීමෙන් පිතිකරුවන් අපූරුවට මෙල්ල කරමින් සිටියි. ඔහු දැනටමත් විස්සයි විස්ස පමණක් නොව පන්දුවාර දහයයි දහය තරගවලදීද වාර්තා ගත පන්දු යැවීමක නිරත වෙමින් සිටියි.
වනිඳු ක්‍රීඩා කළ පළමු තරග දහය අවසානයේදී ඔහු පෙරමුණට පැමිණියේ කඩුලු 18 ක් උදුරා ගනිමිනි. ඩෙකෑන් ග්ලැටිටොර්ස් කණ්ඩායම නියෝජනය කරන වනිදු සිය කඩුලු 18 ලබා ගැනීමේදී පන්දුවාර 19 ක් යවා ඇති අතර එහිදී ලබාදී ඇත්තේ ලකුණු 155 ක් පමණි. කෙසේ වෙතත් ඔහු පන්දුවාර දහය ක්‍රිකට් තරගාවලියේ හොදම පන්දු යැවීමද වාර්තා කරමින් ලකුණු 8 කට කඩුලු පහක් දවා ගැනීමද විශේෂත්වයක්. මේ වන විට විස්සයි විස්ස ලොව පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගෙන සිටින වනිදු ලොව සුපිරිම එක්දින පන්දු යවන්නා වශයෙන්ද ඉදිරියට පැමිණෙමින් තිබේ. පන්දුවාර දහයයි දහය ක්‍රිකට් ඉතිහාසයේ එක් තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා වන්නේද වනිදු හසරංග වීම තවමත් සුවිශේෂී වාර්තාවකි.