ලෝක ක්‍රිකට් පිලෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හැලෙයි

අවසන් වු 2017 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගවලදී දක‍ෂතා දැක්වු ලොව සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලෝක ක්‍රිකට් කණ්ඩායම් පසුගියදා නම් කළ අතර එහිදී ක්‍රිකට් තරග ආකෘති තුනටම ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයකු ඇතුළත් නොවීම විශේෂත්වයකි.
ලෝක ටෙස්ට් පිලේ නායකයා ලෙස ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පත්කර ඇති අතර ලෝක එක්දින පිලේ නායකත්වයට ඉන්දියානු නායක විරාට් කෝලි පත්කර තිබේ. ලෝක විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට ඉන්දියානු උපනායක රෝහිත් ෂර්මා පත්කර ඇත.
ලෝක ටෙස්ට් කණ්ඩායම
ස්ටීවන් ස්මිත් (නායක), ඩීන් එල්ගාර්, ඩේවිඩ් වෝනර්, චෙස්ටවර් පුජාරා, විරාට් කෝලි, ෂකීප් අල් හසන්, මුස්ෆිකර් රහීම්, නෙදන් ලයන්, කාගිෂෝ රබාඩා, ෙජ්ම්ස් ඇන්ඩ්‍රසන්, නීල් වැග්නර්
ලෝක එක්දින කණ්ඩායම
විරාට් කෝලි (නායක), රෝහිත් ෂර්මා, ක්යින්ටන් ඩී කොක්, ජෝ රූට්, බාබර් අසාම්, හාර්දික් පාණ්ඩ්‍යා, ඛෙන් ස්ටොක්ස්, හසන් අලී, රෂීඩ් ඛාන්, ජස්පි්‍රට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්
ලෝක විස්සයි විස්ස කණ්ඩායම
රෝහිත් ෂර්මා (නායක), අවින් ලූවිස්. බ්‍රෙන්ඩන් මැකලම්, හසීම් අම්ලා, ජොස් බට්ලර්, ඩැන් ක්‍රිස්ටන්, කිරන් පොලාර්ඩ්, සුනිල් නාරායන්, රෂීඩ් ඛාන්, හසන් අලී, ජස්පි්‍රට් බුම්රා