Home CRICKET ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට මනෝ වෛද්‍යවරයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට මනෝ වෛද්‍යවරයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීම සඳහා මනෝ වෛද්‍යවරයකුගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය බව නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. ඒ සඳහා ක්‍රිකට් ආයතනයේදී අනුමැතිය ලැබී ඇති අතර වසරකට සිව් වතාවක් එම මනෝ වෛද්‍යවරයාගේ සේවය ලබා ගැනීමට නියමිතය.
‘ඔවුගේ නම වෛද්‍ය ෆිල් ජොන්සි. එයාව මට මුණ ගස්වලා හදුන්වලා දුන්නේ මයික් හසී. වසරකට හතර වාතාවක් පමණ ඔහුගේ සේවය ලබාගන්න වෙනවා. කාලය අනූව ඔහුව තරගාවලි සඳහාත් සහභාගි කර ගන්න උත්සහ කරනවා’
”ෆිල් කණ්ඩායම් තෝරා ගැනීමට මට උදව් වෙලා තියෙනවා මීට කලින් මම පුහුණුකරන කණ්ඩායම්වල. ඕස්ටේ්‍රලියානු ඔලිම්පික් කණ්ඩායම්වල, බේස්බෝල්, රග්බි සහ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය සමඟත් කටයුතු කරලා තියෙන හොඳ විශේෂඥයෙක් තමයි ඔහු.’