Home FOOTBALL පාපන්දු ශුරයකු ජනාධිපති පදවියට

පාපන්දු ශුරයකු ජනාධිපති පදවියට

අප්‍රිකානු පාපන්දු ශුරයකු ජනාධිපති ලෙස පත්වී තිබේ. ඒ 51 හැවිරිදි ජෝජ් වේ නම් හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයාය. ලයිබීරියාවේ පැවැති ජනාධිපතිවරණයේදී 61.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජෝජ් ජනාධිපතිවරයා වී ඇති අතර ලෝක ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රීඩකයකු ජනාධිපතිවරයකු වූ පළමු අවස්ථාව මෙය වේ.
චෙල්සී, මැන්චෙස්ටර් සහ මිලාන් පාපන්දු කණ්ඩායම්ද ජෝජ් නියෝජනය කර තිබේ. වසර 18 ක් ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ජෝජ් වේ 1995 දී ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා වශයෙන් සම්මාන ලැබීමටද ජෝජ් වේ සමත්ව තිබේ.