Home ATHLETICS 2022 කොමොන්වේල්ත් සත්කාරකත්වයට බර්මින්හැම් සූදානම් වෙයි

2022 කොමොන්වේල්ත් සත්කාරකත්වයට බර්මින්හැම් සූදානම් වෙයි

ලෝක මහා ක්‍රීඩා මංගල්‍යවලින් විශේෂ ස්ථානයක් හිමි කොමොන්වේල්ත් ක්‍රීඩා උළෙලේ 2022 සත්කාරකත්වය එංගලන්තයේ බර්මින්හැම් අගනුවර ඉල්ලා තිබේ. බර්මින්හැම් නගරයට අමතරව කැනඩාව, මලයාසියාව සහ ඔස්ටේ්‍රලියාව අදාළ සත්කාරකත්වය ඉල්ලූම් කර තිබේ.
කෙසේ වෙතත් 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන බැවින් මලයාසියාව, කැනඩාව සහ එංගලන්තය යන රටවල් තුනකින් එකක අදාළ තරගාවලිය පැවැත්වීමට හැකි වනු ඇතැයි කොමොන්වේල්ත් තරග සංවිධායකයන් විශ්වාසයෙන් පසුවෙයි.
‘තවම කාට සත්කාරකත්වය හිමිවේවිද කියන්න බැහැ. නමුත් දෙසැම්බර් 6 වැනිදා බොහෝ දුරට ස්ථීර වෙයි. සත්කාරකත්වය ඉල්ලුම් කරන සියලු දෙනාටම ස්තුතියි’ යනුවෙන් කොමොන්වෙල්ත් තරග සංවිධායකයෙක් මාධ්‍යට පවසා තිබේ.