Home CRICKET දිමුත් ටිකට් කපා ගෙදර ‌එයි

දිමුත් ටිකට් කපා ගෙදර ‌එයි

කෝසල ගමගේ
කැන්බරා හි මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරගයේදී පැට් කමින්ස් එවූ පන්දුවක් හිසේ වැදී අබාධයකට ලක්වූ දිමුත් කරුණාරත්න‌ රෝහල් ගත කළ අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බැවින් ඔහු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇත.
එහිදී පැට් කමින්ස් පැයට කිලෝමීටර් 142ක වේගයෙන් යැවූ බවුන්සර් පන්දුවක් දිමුත්ගේ හිසේ වැදී ඇති අතර අනතුරුව ඔහු පිටියේ ඇද වැටී තිබේ.දිමුත් ආබාධයට ලක් වන විට ලකුණු 46ක් ලබා සිටියේය.
තරගයේ දෙවන දිනය වූ අද ඕස්ට්‍රේලියාව තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු කඩුලු 5කට ලකුණු 534ක් ලබා ඉනිම අත් හිටවූ අතර පිළිතුරු වශයෙන් මේ වන විට ශ්‍රී ලංකා කඩුලු 3ක් දැවී ලකුණු 123ක් ලබා ගෙන සිටී.