Home CRICKET මතුගම ආනන්දය පූර්ණ ජයග්‍රහණයක් වාර්ථා කරයි

මතුගම ආනන්දය පූර්ණ ජයග්‍රහණයක් වාර්ථා කරයි

by nuwan jayathissa

වයස අවුරුදු 19න් පහල අන්තර් පාසැල් “සිංගර්” කුසලාන තරඟාවලියේ තෙවණ කාණ්ඩය යටතේ පැවැති තරඟයකින් දෙමෝදර ඩි ලා සාල් පාසල කඩුලු 5 කින් පරදවා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) සමත් වුණා. මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැති මෙම තරඟයේදී කාසියේ වාසිය දිනාගත් මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමේ නායක රවිඳු උඩවත්තගේ ඇරයුමෙන් මෝදර ඩි ලා සාල් පාසැල් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන් අතර සියළු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 114ක් පමණි. එහිදී ඩි ලා සාල් කණ්ඩායම වෙනුවෙන් කවින්දු බිම්සර පන්දු 53 ක් තුලදී ලකුණු 42 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඩිල්සාර ප්‍රමෝද් කඩුලු 3 ක් හා උලින්ද ප්‍රභාෂ්වර කඩුලු 3ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමට සිය පළමු ඉණිම සඳහා සියල්ලන්ම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117ක් පමණි. එහිදී ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමේ ශෙහාන් හිරුදික පන්දු  72කදී ලකුණු 32 ක් හා රවිඳු චානුක පන්දු 18කදී වේගවත් ලකුණු 26 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඩි ලා සාල් කණ්ඩායමේ ගිම්හාන විජයසූරිය පන්දු ඕවර 11ක් යමින් ළකුණු 54 කට කඩුලු 5ක් බිඳ හෙලනු ලැබුවා. සුභාෂිත සොයිසා කඩුලු 03 යි.

සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් දෙමෝදර ඩි ලා සාල් පාසැල් කණ්ඩායම සියළු දෙනාම දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් වූ අතර සුභාෂිත සොයිසා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 99 ක් තුලදී  ලකුණු 57 ක් ලබා  සමත් වූවා. ඉමේෂ්වක පෙරේරා ලකුණු 35යි. පන්දු යැවීමේදී ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමේ K.W. සහන් පන්දු ඕවර 17 ක් යවමින් ලකුණු 50 කට කඩුලු 05ක් බිඳ හෙළනු ලැබුවා.

ඉන් පසු ජයග්‍රාහී ලකුණු 186ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම පන්දු ඕවර 42 යි පන්දු දෙකකදී කඩුලු 05ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට සමත් වූවා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් K.W. සහන් නොදැවි ලකුණු 42ක් හා එනුල අවිශ්ක තෙවරප්පෙරුම ලකුණු 42ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් වූවා. පන්දු යැවීමේදී සුභාෂිත සොයිසා හා ඉමේෂික පෙරේරා කඩුලු දෙක බැගින් ලබා ගත්තා. ඒ අනුව මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රිකට් කණ්ඩායම මේ දක්වා සභාගි වූ තරඟ තුනෙන් පූර්ණ ජයග්‍රහණ 02ක් හා එක් තරඟයක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වී තිබේ.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමේ නායක රවිඳු උඩවත්ත

උළිඳු ප්‍රභාශ්වර ( තරඟ 03 කදී කඩුලු 22 යි)

එනුල අවිශ්ක තෙවරප්පෙරුම 

සුභාෂිත සොයිසා (මෝදර ඩි ලා සාල් පාසල් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක)

සටහන : නුවන් ජයතිස්ස