Home FOOTBALL 2022 පාපන්දු ලෝක කුසලාන ක්‍රීඩාංගනය කටාරය එළිදක්වයි

2022 පාපන්දු ලෝක කුසලාන ක්‍රීඩාංගනය කටාරය එළිදක්වයි

 

කටාර් රාජ්‍යයේ 2022 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟ පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩාංගණය එරට එමීර්වරයා වන ෂෙයික් තමීන් බින් හමාඩ් අල්තානි විසින් එළිදක්වනු ලැබුවා.

අලුතින් බිහි කල ලුසයිල් නගරයේ ඉදිකෙරුණු මෙම ක්‍රීඩාංගණයේ 80,000 කට පාපන්දු තරඟ නැරඹීමට හැකිවීම විශේෂත්වයකි.

දෝහා අගනුවර සිට කිලෝමීටර් 15ක් නුදුරින් ඉදිකර ඇති ක්‍රීඩාංගන ඇතුලු නගර ව්‍යාපෘතියට මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන 45 ක් වැයකර ඇති බව වාර්තා වෙනවා.

2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පවත්වන සත්කාරකත්වය හිමි කටාර් රාජ්‍ය මේවන විට ක්‍රීඩාංගණ 8ක් නිමවා අවසන්.

පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඇතුළු අමුත්තන් රැසක් සාභාගීත්වයෙන් පැවති බව සඳහන්.

සටහන : නුවන් ජයතිස්ස