Home GOSSIP හිටපු ඇමති හරීන් දේව හාස්කමින් හොර පාරෙන් ක්‍රීඩිකාවක් ඇතුළට දමයි

හිටපු ඇමති හරීන් දේව හාස්කමින් හොර පාරෙන් ක්‍රීඩිකාවක් ඇතුළට දමයි

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායමට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශේලින්ඩා ජැනසන් ක්‍රීඩිකාව හිටිහැටියේ උඩින් පහත් වීම සම්බන්ධයෙන් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විමතියට පත්ව සිටියි.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඇයට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වා තිබීම හේතුවෙන් මලල ක්‍රීඩා කණ්ඩායම අන්ද මන්ද වී සිටියි.
ජනපතිවරණ මැතිවරන පරාජයන් පසුව ක්‍රීඩා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව පසුගිය සඳුදා හරීන් ප්‍රනාන්දු විසින් මෙම ක්‍රීඩිකාව ඇතුළත් කිරීමේ ලිපියට ද අත්සන් තබා ඇති බව වාර්තා වේ. ඉල්ලා අස්වන අමාත්‍යවරයා බලය අයුතු ලෙස භාවිතා කර ඇති දැයි ඒ අනුව සැක සිතේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවති තේරීම් තරගාවලිය ලෙස ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය අගෝස්තු මස පැවැත්වීය

ඉහිදී පැවැති ඉසව්වල දී පළමු හා දෙවැනි ස්ථාන දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රිඩා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්තාව හිමිකරගත්තේය. ඉන් අනතුරුව පැවැති කිසිදු තරගාවලියක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කණ්ඩායම තෝරා ගැනීමට නිර්ණායකයක් ලෙස සලකා නොබැලුණ.

සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම නීතිය සම්බන්ධයෙන් කලින්ම දැනුවත් කර තිබු අතර මාධ්‍ය හරහා ද මේ පිළිබද පුර්ව ප්‍රචාරයක් ලබාදී තිබුණි. ඒ අනුව ඇමරිකාවේ වෙසෙන හිරුණි විජේරත්න ක්‍රීඩිකාව ද මෙරටට පැමිණ සුදුසුකම් සනාථ කලේ එම නීතියට ගරු කිරීමක් වශයෙනුයි.

කරුණු කාරණා එසේ වුවත් එම ජාතික ශුරතාවලියේදී ආබාදයක් යැයි පවසමින් මීටර 100 මුලික වටයේ තරග කිරීමෙන් අනතුරුව , ශුරතවලියෙන් ඉවත්වූ ජැනසන් ක්‍රීඩිකාව ඇයට දකුණු ආසියනු ක්‍රීඩා උළෙල සදහා අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. ඇයගේ අභියාචනය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් ප්‍රතික්ෂේප වූ අතර ඉන් අනතුරුව ඇය  ක්‍රීඩා  අමාත්‍යවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කරේ තමාට වඩා වේගවත් ක්‍රීඩිකාවන් ලංකාවේ සිටියත්, තමන් කෙටි දුර  ඉසව් වල ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාව බවට සාවාධ්‍ය ප්‍රකාශයක් කර නොමග යවන සුළු දත්ත ඉදිරිපත් කරමිනි.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් අගතියට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  සම්බන්ධයෙන් සොයා බැලීම පසුගිය සිකුරාදා සිදු කළ අතර, එහිදී ද ශෙලින්ඩා ජැන්සන් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබුනේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු කමිටුවක් හමුවේ, ඇය මෙම තරගාවලිය සඳහා අදේශ කළ නොහැකි බවත්, ලබා දී ඇති දත්ත සටහන් නොමග යවන සුලු බව මෙන්ම , තේරීම් ක්‍රියා පටිපාටිය පිළිබඳව නිසි ලෙස  කරුණු කාරණා සහිතව පේනවා දීමෙන් අනතුරුවයි.

නමුත් පසුගිය බදාදා(20) ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත   දැනුම් දී තිබුනේ ඉහත ක්‍රීඩිකාව මීටර 200 ඉසව්වට ඇතුලත් කර ඇති බවයි.

තමන් විසින්ම පත් කළ කමිටුවක් මගින් නුසුදුසු ක්‍රීඩිකාවක් ලෙස නම් කළ ක්‍රීඩිකාවක් අමාත්‍යවරයාගේ තනි කැමැත්තට ඇතුළත් කිරීම කොතරම් සදාචාර සම්පන්න දැයි සැක මතුවේ.
අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව පවසා, පසු දින අත්සන් තැබූ ලේඛණ අතරට මැයව ඇතුළත් කිරීම මගින් පෙනී යන්නේ අදාල ක්‍රීඩිකාව අති විශේෂ ක්‍රීඩිකාවක් ලෙසයි.

ජාතික ශූරතාවලියේ දී මීටර් 200 ඉසව්වේ රන් හා රිදී පදක්කම් දිනා ගත් ශර්මිලා ජෑන් හා නදීශා රාමනායක සමත් වූවාය. ඔවුන් දෙදෙනා පසුගිය මාස හයක කාලය තුළ ශෙලින්ඩාගේ උපරිම දක්ෂතාවට වඩා දක්ෂතාවන් දක්වා තිබේ.

පුදුමයට කරුණ වන්නේ මෙසේ අවස්ථාව අහිමි වූ,පසුගිය දකුණු ආසියානු ශුරතාවලියේ රන් පදක්කම් ලාබින් ඇතුළු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිටියද ක්‍රීඩා අමාත්‍යවරයා තම බලතල යටතේ කණ්ඩායමට ඇතුලත් කල ඇත්තේ පසුගිය මස හය ඇතුලත එම ඉසව්වේ සිව්වැනි වේගවත් ක්‍රීඩිකාව වීමයි.

තේරීම් ක්‍රියා පටිපාටියට අවනත වීම හේතුවෙන්, අවස්ථාව අහිමිවූ පිරිස අතර, දකුණු ආසියානු රන් පදක්කම් ලාභී මංජුල කුමාර, යගුලිය හා මිටිය විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු චරිත් කපුකොටුව, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල ද නියෝජනය කළ දුර පැනීමේ ක්‍රීඩක ප්‍රසාද් විමල සිරි, මීටර් 1500 ඉසව්වෙන් ආසියානු ශූරතාවට ද සහභාගී වූ දමිත් හේමන්ත වැනි ක්‍රීඩකයන් ද සිටියි.

එසේම ආබාද සහිතව වුවත්, ජාතික ශූරතා තරගාවලියේ දී තම අවස්ථාව වෙනුවෙන් තරග වැද පරාජයන්ට ලක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  විශාල පිරිසක් ද සිටියි.

නමුත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේ නීති ප්‍රකාරව  නීතියට ගරු කරමින් තෝරා පත්වූ කණ්ඩායමට එම අවස්ථාව ලබා දීමට පරාර්ථකාමී විය.

එවැනි පසු බිමක, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ද නිර්දශේයක් නොමැතිව එක් ක්‍රීඩිකාවකට පමණක් දේව හාස්කමෙන් අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් මලල ක්‍රීඩා කණ්ඩායමේ මෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශව සිය අප්‍රසාදය පල කර සිටියි. මෙම ක්‍රියාව ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන අධීකාරීය දරණ ක්‍රීඩා  අමාත්‍යංශ වැරදි පූර්වාදර්ශයක් සැපයූ අවස්ථාවක් ලෙස දැක්විය හැක.

අමාත්‍යවරයාට ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිදුව ඇති අගතියක් සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීමේ අවස්තාව ඇතත්, මෙම ක්‍රීඩිකාව කණ්ඩායමට ඇතුළත් කිරීමේ දී, සෙසු ක්‍රීඩිකාවන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කර නැත.

එසේම, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිර්දේශය නොමැතිව ඇය විසින් ලබා දුන් ලේඛණ පාදක කොට හොර පාරෙන් අවස්ථාව ලබා දී ඇති බව පෙනී යයි.

පසුගිය මාස 6 ක කාලය තුළ මීටර් 200 ඉසව්වේ ශ්‍රී ලංකාවේ වේගවත්ම කාලයන් වාර්තා කිරීම

තත්පර  24.49   නදීෂා රාමනායක  (අගෝස්තු 26)
තත්පර  24.49  ලක්ෂිකා සුගන්ධී    (අගෝස්තු 17)
තත්පර  24.50  ලක්ෂිකා සුගන්ධී   (අගෝස්තු 26)
තත්පර  24.51  ලක්ෂිකා සුගන්ධී  (අගෝස්තු 26)
තත්පර  24.52  ශර්මිලා ජෑන්     (අගෝස්තු 17)
තත්පර  24.69  ශෙලින්ඩා ජැන්සන් (සැප්තැම්බර් 11)
තත්පර   24.78  ශෙලින්ඩා ජැන්සන්  (සැප්තැම්බර් 03)
තත්පර   24.85  ශර්මිලා ජෑන්     (අගෝස්තු 18)
තත්පර   24.87  නදීෂා රාමනායක   (අගෝස්තු 18)
තත්පර   24.88  සධීපා හෙන්ඩර්සන්(නොවැම්බර් 01)