Home FOOTBALL සභාපති කුසලාන පාපන්දු අවසන් පූර්ව වටයට කණ්ඩායම් 4ක්

සභාපති කුසලාන පාපන්දු අවසන් පූර්ව වටයට කණ්ඩායම් 4ක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් පවත්වනු ලබන සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා වරම් දිනා ගැනීමට කොළඹ කණ්ඩායම සහ රෙඞ් ස්ටාර් කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත් විය. ඒ අනුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම ගෝල 3-0කින් පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූ අතර සෙරන්ඩිබ් කණ්ඩායම ගෝල 5-3කින් පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට රෙඞ් ස්ටාර් කණ්ඩායම සමත් විය.
සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අර්ධ අවසන් පූර්ව වටය ඊයේ නිමාවට පත්වූ අතර ඒ අනුව මේ වන විට අවසන් පූර්ව වටය සඳහා ජාවාලේන්, නිව් ස්ටාර්, කොළඹ සහ රෙඞ් ස්ටාර් කණ්ඩායම් සමත් වී සිටී.