ඉන්දියාවට ගහපු හැටි ඉම්රාන් ඛාන් කියයි

Pakistan's Prime Minister Imran Khan speaks during a session at the 50th World Economic Forum (WEF) in Davos, Switzerland, January 22, 2020. REUTERS/Denis Balibouse

පාකිස්තානයට වඩා හත් ගුණයකින් පමණ විශාල ඉන්දියාව විවිධ අවස්ථාවලදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පරාජය කළ බව පාකිස්තාන් අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක අර්ථික සංසදයේදී කළ කතාවකදීය.
පාකිස්තානය මීට පෙර ක‍්‍රිකට්වලට අමතරව වෙනත් ක‍්‍රීඩා වන හොකී වැනි ක‍්‍රීඩා වලින් විශාල බලවේගයක් වුණා. නමුත් පසුගිය අවුරුදු 10 තුළ දුෂණය මුල් බැස ගස් නිසා එම වර්ධනය අඩාල වුණා.
‘පාකිස්තානයේ ආරම්භක පියවරුන් අති දක්ෂයන් මෙන්ම අවංකයන් වුණා. ඔවුන්ට අවශ්‍යවූයේ පාකිස්තානයේ මානුෂීය සහ සාධනය සඳහා සමාජයක් වීමයි. නමුත් අපි එම දර්ශනයෙන් බැහැරව සිටියෙමු. මේ රට ආරම්භ කළ දැක්ම අප විසින් දැන් යථා තත්ත්වයට පත් කළ යුතුයි. මම ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන විට ඉන්දියාව අපේ ප‍්‍රමාණයට වඩා හත් ගුණයක්විශාල වුණත් අපි ඔවුන්ව පරාජය කළා. ක‍්‍රිකට් විතරක් නෙමෙයි වෙනත් ක‍්‍රීඩා වලිනුත්. ඒ බලවේග දුෂණය නිසා අඩාල වුණා.’