Home CRICKET 2011 ලෝක කුසලාන දිනා ගත්ත කණ්ඩායමේ ‘බාලයා’ මමයි – කෝලි

2011 ලෝක කුසලාන දිනා ගත්ත කණ්ඩායමේ ‘බාලයා’ මමයි – කෝලි

ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැති තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නි නුවරදී ඊයේ (07 දා* නිමාවූ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් තීරණයක් රහිතව අවසන් විය. නමුත් තරගාවලියේ ශූරතාව 2-1 ක් වශයෙන් දිනා ගත් ඉන්දියානුවෝ නව වාර්තාවක් තැබීමටද එහිදී සමත් වූහ.
මෙම තරගයේදී ඉන්දියානුවන් පළමු ඉනිමේදී කඩුලූ 7ට ලකුණු 622 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ඔස්ටේ‍්‍රලියාවට ලබාගත හැකිවූයේ ලකුණු 300 ක් පමණි. පිට පිටම දෙවැනි වරටත් විරාට් කෝලිගේ ආරාධනයෙන් ඔස්ටේ‍්‍රලියානුවන් පිති ප‍්‍රහාරයේ යෙදුනත් ඔවුන්ට එහිදී මුහුණ දීමට හැකිවූයේ පන්දුවාර 4කට පමණි.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා වශයෙන් ඉන්දියාවේ චෙස්ටවර් පුජාරා සම්මාන දිනා ගත්තේය. මේ අතර ඉන්දියානු කණ්ඩායම ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්කළ ලොව අංක එකේ පිතිකරු විරාට් කෝලි තරගයෙන් පසුව මෙසේ පැවසීය.
‘2011 ලෝක කුසලාන දිනා ගත්ත කණ්ඩායමේ බාලයා කෙනා මමයි. මම එදා පේ‍්‍රක්ෂකයන් චිත්තවේගාත්මකව හැසිරෙන හැටි බලාගෙන හිටියා. මම ඔස්ටේ‍්‍රලියාවට ආපු තුන්වැනි වතාව මේක. අපිට ආඩම්බර විය හැකි ජයග‍්‍රහණයක් සමගයි අපි අපේ රටට යන්නේ.’ යනුවෙන් කෝලි පවසයි.
‘ඔස්ටේ‍්‍රලියාව පරාජය කිරීම ඉන්දියානු කි‍්‍රකට් ක‍්‍රීඩාවේ වැදගත් දෙයක්. සාමාන්‍ය වයස් මට්ටම් තිබුණත් අපිට වැදගත් වන්නේ කණ්ඩායමේ විශ්වාසයයි. අපි හැම විටම අවංකව කටයුතු කළෙමු. නායකයා වශයෙන් මම කවදාවත් ආඩම්බර වන්නේ නැහැ. මා කරන්නේ කණ්ඩායමේ රාජකාරියේ කොටසක්. පසුගිය මාස 12 තුළදී අපි ගොඩනගා ගත් සංස්කෘතිය, සාමූහිකත්වය සහ දක්ෂතාව ගැන මම සතුටු වෙනවා.