Home CRICKET ඔස්ටේ‍්‍රලියානු යෞවනයෝ ශූරතාව ගනිද්දී ශ‍්‍රී ලංකාවට සැනසිලි ජයක්

ඔස්ටේ‍්‍රලියානු යෞවනයෝ ශූරතාව ගනිද්දී ශ‍්‍රී ලංකාවට සැනසිලි ජයක්


ශ‍්‍රී ලංකා යොවුන් පිල සහ ඔස්ටේ‍්‍රලියානු යොවුන් පිල අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ඔස්ටේ‍්‍රලියාව ජය ගත්තද අද 07 දා පැවැති තෙවැනි තරගයෙන් ශ‍්‍රී ලංකා යෞවනයෝ ලකුණු 64 ක ජයක් ලැබීමට සමත් වූහ.
තරගාවලිය පුරාම ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් ඉදිරියෙන් සිටියද ශ‍්‍රී ලංකා යෞවන අවසන් තරගයේදී පළමුව පිති ප‍්‍රහාරය දියත් කරමින් පන්දුවාර 50 අවසානයදී කඩුලූ 8ට ලකුණු 256 ක් ලබා ගත්තේය. එහිදී නායක නිපුන් පෙරේරා පන්දු 80 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 71 ක්ද සොනාල් දිනූෂ පන්දු 68 කදී හතරේ පහර හයක් සමග ලකුණු 50 ක් ලබා ඔස්ටේ‍්‍රලියානු යොවුන් පිලට සාර්ථක ප‍්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංකා යොවුන් පිල ලබාදුන් ඉලක්කය හඹා ගිය ඔස්ටේ‍්‍රලියාවට ලබාගත හැකිවූයේ පන්දුවාර 46.3 කදී සියල්ල දැවී ලකුණු 192 ක් පමණි. ඔස්ටේ‍්‍රලියානු යොවුන් පිල වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතක බී.ජේ.හෝල්ට් (0* විසින් වාර්තා කරන ලදී.
ශ‍්‍රී ලංකා යොවුන් පිලේ පන්දු යවන්නන් අතරින් දිනූෂ ලකුණු 22 කට කඩුලූ 3 ක්ද තිලකරත්න ලකුණු 34 කට කඩුලූ 3 ක්ද ලබාගත්තේය.