Home CRICKET පිටරට අධිකරණවලට ක‍්‍රීඩකයන් ගෙන යෑමට එරෙහිව නීතිඥවරු ප‍්‍රශ්න කරති

පිටරට අධිකරණවලට ක‍්‍රීඩකයන් ගෙන යෑමට එරෙහිව නීතිඥවරු ප‍්‍රශ්න කරති

ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අයි.සී.සී.යේ චෝදනාවට ලක්ව සිටින හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙනුවෙන් කළ හැකි උපරිම මැදිහත්විම සිදුකරමින් ක‍්‍රීඩා අමාත්‍යාංශය පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ පරීක්ෂණයක් පවත්වනු ලැබීය. අදාළ පරීක්ෂණය වෙනුවෙන් අවිශ්ක ගුණවර්ධණ, නුවන් සොයිසා සහ කාර්යක්ෂම විශ්ලේෂක සනත් ජයසුන්දර සහභාගි වු අතර දිල්හාර ලොකුහෙට්ටිගේ විදෙස් ගතව සිටින බැවින් ඒ සඳහා සහභාගී නොවුණි.
අයි.සී.සී.ය විසින් චෝදනාවට ලක්කර තිබූ අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ කාර්යක්ෂම විශ්ලේෂක සනත් ජයසුන්දර වෙනුවෙන් අධිනීතිඥ ක‍්‍රිෂ්මාල් වර්ණසුරිය මහතා ඇතුළු ඔහුගේ කනිෂ්ට නීතිඥයන් සහභාගි විය. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල කමිටුව විසින් මෙම සිද්ධිය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලදී. අදාළ ත‍්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන්ද නීතිඥයන් දෙදෙනකි. කෙසේ වෙතත් මූලික කරුණු සාකච්ඡුා කෙරුණු අතර ක‍්‍රීඩා අමාත්‍යාංශයට කළ හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සොයා බැලීමට අවශ්‍ය කරුණු සති දෙක තුනක් ඇතුළත ලබා දෙන බවට චෝදනාවට ලක්ව ඇති පාර්ශ්ශවයේ නීතිඥවරයා පැවසීය.
‘‘ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ මොවුන්ව පිටරටවලට ගෙනියන්න අධිකරණ බලයක් නැහැ. ඔය කියන 2017 ටී 10 තරගාන්වලිය සම්බන්ධව ගිවිසුමක අයිතියක්වත් නැහැ. උදාහරණයක් විදිහට අපේ සොල්දාදුවන්ව පිටරට අධිකරණයට ගෙනියන්න බැහැ. අපේ වැරැුද්ද නිවැරැුද්ද බලන්න කොහෙවත් ඉන්න සුදු මහත්වරුන්ට බැහැ. මේ සම්බන්ධව අපි ක‍්‍රීඩා පනත යටතේ ඇපෑලක් ඉදිරිපත් කළා. මේ පරීක්ෂණය තියන තෙක් අපිට කිසිම අවස්ථාවක් දුන්නෙ නැහැ අපේ දේ කතා කරන්න. හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා අපිට ලිපියක් ලියලා තිබ්බා ඒක අහන්නෙ නැහැ කියලා. අපි අද ස්තුති වන්ත වෙන්ත ඕන අවුරුදු දෙකක් ගිහිල්ලා හරි මේ සිද්ධිය හොයා බලන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීම ගැන.’’ යනුවෙන් චෝදනාවට ලක්වූ පාර්ශ්ශවය වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ පැවැති පළමු සාකච්ඡුාවෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසීය.
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අදාළ ක‍්‍රීඩකයන්ගෙන් නිදහසට කරුණු විමසීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබන සැප්තැම්බර් මස පැමිණෙන ලෙස දන්වා තිබේ. එය විහිළුවට කරුණක් බව අවිශ්ක ගුණවර්ධනලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. ‘‘මේක මහ විහිළුවක්. මේ මිනිස්සුන්ගෙ රස්සාවලූත් තහනම් කරලා. ඒ මදිවට නඩු අහන්න පිටරට යන්න ඕන. එහෙම යන්න සල්ලි තියෙනවද. අනික නීතිඥයකු ලෙස මාවත් එක්ක යන්න ඕන. කොහෙවත් යන සුදු මහත්වරුන්ට ඕන ඕන විදිට මේ වැඩ කරන්න බැහැ. මේ ක‍්‍රීඩකයන් අපේ ක‍්‍රිකට් තරු.’’
සාදි අල්මාද් කියන ව්‍යාපාරිකයකු විසින් පවත්වන ලද අදාළ ටී 10 තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට රුපියල් මිලියන ගණන් සල්ලි ලැබුණු බවට තොරතුරු තිබෙන බවත් නීතිඥ ක‍්‍රිෂ්මාල් මහතා පවසයි. ‘‘ඔය කියන ටී 10 තරගාවලියට ගියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම නෙමෙයි. නමුත් ඒ අයව යැව්වෙ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයයි. ඒගොල්ලන් බැදිලා ඉන්නවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කියන දේ කරන්න. සාදි අල්මාද් කියන ව්‍යාපාරිකයා ඔය තරගාවලියෙන් මිලියන ගණන් සල්ලි දුන්නා කියලා අපි ළග සාක්කි තියෙනවා. පුහුණුකරුවන්ට ශතයක්වත් දීලා නැහැ. එහෙනම් ඒ සල්ලි කෝ කියලත් හොයන්න ඕන.’’
නීතිඥවරයා වැඩිදුරටත් පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට තිබෙන චෝදනා විවිධ බවයි. එහිදී සෙවිය යුත්තේ අබුඩාබිවලට අපේ ක‍්‍රීඩකයන් ව අමාත්‍යාංශයේ අනුමැතියක් නැතිව යන්න අවසර දුන්නේ කවුද? යන්නයි. ඒ තොරතුරු සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලූම් කළද වසර දෙකකට ආසන්න කාලයක් යනතුරුත් කිසිවක් නොලැබුණු බවත් පවසන නීතිඥවරයා මෙතරම් කාලයක් ගොස් හෝ මෙසේ පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවද සඳහන් කර සිටියේය.
අයි.සී.සී.ය විසින් මැදිහත් වන ඕනෑම තරගාවලියකදී ඔවුන්ගේ නීති සංග‍්‍රහයක් කැඩුවහොත් තරග තහනමකට ලක්වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයි.සී.සී.ය ට බැදී සිටින බැවින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නීති සංග‍්‍රහයද අයි.සී.සී.යට යටත් වේ. නමුත් 2017 පැවැති සාජා ටී 10 තරගාවලියේදී අයි.සී.සී.ය එම තරගාවලියට කෙසේ හෝ මැදිහත්ව නැත. එය පෞද්ගලික තරගාවලියකි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවැති එම තරගාවලියේදී අයි.සී.සී. වෙනත් ආකාරයකින් පෙනී සිට ඇති බව පවසමින් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ව ‘බ්ලැක් ලිස්ට්’ කරන්නට ඇතැයි ක්‍ෂේත‍්‍රයේ කතා බහට ලක් වන්නේ වරදකරුවන්ව නිගමනය කළ හැකි සාක්ෂි ජනතාවට ඉදිරිපත් කර නොමැති බැවිනි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මේ තරගාවලියට සම්බන්ධ නැති බව පවසයි. එය පෞද්ගලික තරගාවලියක් නම් අයි.සී.සී.ය එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට තහනම් පනවන්නේ කුමන බලයක් අතේ තබාගෙනද යන්නත් ප‍්‍රශ්නයකි. අදාළ ප‍්‍රශ්නය සම්බන්ධව ටී 10 තරගාවලියට ක‍්‍රීඩා කළ සචිත‍්‍ර සේනානායක විසින් අධිකරණයේදී කට උත්තරයක් ලබාදී තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ අයි.සී.සී.ය පවසන කතාවක් තමා කිසි විටෙකත් අයි.සී.සී.යට පවසා නැති බවයි. එසේ නම් අයි.සී.සී.ය පවසන්නේ කුමක්ද යන්න සෙවීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලද යුතුකමකි. ක‍්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් ඒ ගැන කළ හැකි උපරිම පරීක්ෂණය දැන් සිදුකර හමාරය.