Home tennis සෙරීනාගේ දෙහැවිරදි දුවට පාපන්දු කණ්ඩායමක අයිතිය….

සෙරීනාගේ දෙහැවිරදි දුවට පාපන්දු කණ්ඩායමක අයිතිය….

ලොව සුපිරිම ටෙනිස් ක‍්‍රීඩිකාවක් වු සෙරීනා විලියම්ස්ගේ දෙහැවිරිදි දියණියට ඇල් ඇන්ජලීස් හී කාන්තා පාපන්දු කණ්ඩායමක් වන ඒන්ජල් සිටි කණ්ඩායමේ සම අයිතිකරු වශයෙන් පත්ව ඇත. ලොව පාපන්දු කණ්ඩායමකට හිමිකම් කියන ළාබාලතම දියණිය වශයෙන්ද ඇය පත්වුවාය.
සෙරීනා විලියම්ස්ගේ දියණිය වන ඇලෙක්සිස් ඔලිම්පියා ඔහානියන් මවගේ සමාජ මධ්‍යවලද දිගින් දිගටම පෙනී සිටිමින් ජනපි‍්‍රය චරිතයක් බවට පත්ව ඇති බැවින් මෙම පුවතද එම ජනපි‍්‍රයත්වය තවත් වැඩි කරවන්නක් වී තිබේ.
ඔලිම්පියාව සම අයිතිකරු වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් රෙඩිට් හී නිර්මාතෘ මෙසේ පැවසීය. ‘‘ලොස් ඇන්ජලීස් වෙත කාන්තා වෘත්තිය පාපන්දු සමාජයක් ගෙන ඒමට කටයුතු කරන අතරවාරයේ ඇයට එවැනි සාමාජිකත්වයක් ලබාදීම ගැන මම ආඩම්බර වෙනවා.’’
ඔලිම්පියා තම මව සමග ටෙනිස් පුහුණුවන අයුරු ඡුායාරූපයේ දැක්වේ.