Home CRICKET LPL මහ සටන අද

LPL මහ සටන අද

දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරඟාවලියේ අවසන් මහා තරගය සඳහා ගෝල්
ග්ලැඩියේටර්ස් (Galle Gladiators) සහ ජැෆ්නා කිංස් (Jaffna Kings) යන කණ්ඩායම් අද (23දා)
හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී මුණගැසෙනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ජැෆ්නා කිංස් (Jaffna Kings) කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් (Dambulla
Giants) කණ්ඩායම අතර පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 23 කින් ජය ගැනීමත් සමඟ ජැෆ්නා
කිංස් කණ්ඩායමට අවසන් තරගයට දොර විවර විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් ලබා ගැනීමට
සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට
හැකිවූයේ ලකුණු 187 ක් පමණි.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය තුළදී ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators) සහ ජැෆ්නා කිංස්
(Jaffna Kings) යන කණ්ඩායම් මින් පෙර හමුවූ අවස්ථා තුනේදීම ගෝල් පිල ජය ගෙන තිබීමද
විශේෂත්වයකි.