දකුණ අවසන් මහා තරගයට

අත්‍යවශ්‍යම මොහොතේ අළු ගසා දමා නැගී සිටිමින් ‘නිදහස් සිලෝන් අභියෝග කුසලාන’ පාපන්දු ශූරයන් සොයන තීරණාත්මක අවසන් මහා තරගය සඳහා වරම් ලබා ගැනීමට රාසික් රිෂාඞ්ගේ නායකත්වයෙන් සැදුම්ලත් දකුණු පළාත නියෝජනය කළ ක‍්‍රීඩකයෝ ඊයේ (02දා) සවස සමත් වූහ.

ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී ප‍්‍රබල සබරගමුව පළාත ද`ඩුවම් පහර ආශ‍්‍රිතව පරාජයට පත් කරමිනි.

ඒ අනුව මෙවර තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී උතුර පළාතට එරෙහිව දකුණු පළාත සටන් වදිනු ඇති.

මෙම දෙපිල අතර අවසන් තරගය සෙනසුරාදා (05දා) පැවැත්වීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක වූ මූලික වටයේ සිටම අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් මෙවර අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සබරගමුවට හැකි විය.

ලීග් වටයේදී ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව වාර්තා කර ගැනීමට සබරගමුව සමත් වුවද එම දක්ෂතාවය පමණක් මෙවර අවසාන තරගයට අවතීර්ණ වීමට ප‍්‍රමාණවත් නොවීම කැපී පෙනුන සිද්ධිය විය.

මොහොමඞ් ෂිෆාන්ගේ නායකත්වයෙන් සමන්විත වූ සබරගමුව පළාත සහ රාසික් රිෂාඞ්ගේ නායකත්වයෙන් සමන්විත වූ සබරගමුව පළාත අතර රත්නපුර සීවලී

ක‍්‍රීඩාංගණයේදී ඊයේ (02දා) පැවැති දෙවන අවසන් පූර්ව තරගය ගෝල් 02 – 01 ක් ලෙස පෙරළිකාර ජයග‍්‍රහණයකින් නිමා කර ගැනීමට දකුණු පළාත සමත් වූයේ මෙවර තරගාවලියේ සුවිශාලතම පෙරළිය සිදු කරමින් වීම කැපී පෙනුණි.

දකුණේ ජයග‍්‍රහණය සනාථ කළ කේෂාන් දුමිදු 01 සහ මොහොමඞ් රිස්වාස් 01 බැගින් ගෝල රැුස් කර ගත් අතර පරාජිත පිලේ එකම ගෝලය මොහොමඞ් ඉජාස් වාර්තා කළේය.

තරගයේ ප‍්‍රථම භාගය නිමාවන විට ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණ ට හැකි විය.

ඒ අනුව අවසන් පූර්ව වටයට අයත් තරග ද්විත්වය ආශ‍්‍රිතව දෙපිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව සමාන අගයක් ගත්තේය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ජයග‍්‍රාහී පිල තෝරා ගැනීම උදෙසා ද`ඩුවම් පහර 05 බැගින් ලබා දීමට සංවිධායක මණ්ඩලයට සිදු විය. එහීදී මැනවින් සංවිධානය වෙමින් දකුණු පළාත ජයග‍්‍රහණ අත්කර ගත්තේ ගෝල් 04 – 01 ක් ලෙස ද`ඩුවම් පහර සාර්ථක කර ගනිමිනි.

ඉකුත් පෙබරවාරි 25 දින කෑගල්ල මහ නගර සභා ක‍්‍රීඩාංගණයේදී දෙපිල අතර පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ද ගෝල් 01 – 00 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සබරගමුව සමත් වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඊයේ තරගයට සබරගමුව වැඩි වාසි සහිතව පිටියට අවතීර්ණවිණි. ඒ හුරුපුරුදු සීවලී ක‍්‍රීඩාංගණයේදී වීම අමතර වාසියක් ගෙන දුන්නේය. එහෙත් ඒ සියල්ලටම එරෙහිව ක‍්‍රියාත්මක වූ දකුණු පළාත ඊයේ දිනයේදී වාර්තා කර ගත් ජයග‍්‍රහණය කැපී පෙනුණි.

ප‍්‍රබල සබරගමුව පරාජයට පත් කරමින් මෙවර අවසන් තරගයට වරම් ලබා ගැනීමට දකුණ ගත් උත්සාහය ඒ අනුව සාර්ථකවිණි. සබරගමුවට එරෙහිව ඊයේ දිනයේදී දකුණ ක‍්‍රීඩකයන් විසින් ප‍්‍රදර්ශනය කළ ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාව ඉහළ අගයක් ගත්තේය.

පී. පී. හේමතුංග සහ සංජීව පේ‍්‍රමලාල් යන සහාය විනිසුරුවරුන්ගේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර විනිසුරු මොහොමඞ් ඉර්ෂාන් මහතා විසින් මෙම තරගය විනිශ්චය කරන ලදී.

එම්. රාජේන්ද්‍රන් මහතා තරග කොමසාරිස් ලෙස කටයුතු කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර