Home CRICKET ශ‍්‍රී ලංකා පිල වෙනස්කම් පහක් සමග සටනට එද්දී ඕෂධ 20-20 වරම්...

ශ‍්‍රී ලංකා පිල වෙනස්කම් පහක් සමග සටනට එද්දී ඕෂධ 20-20 වරම් ලබයි

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරගයේදී කණ්ඩායම් දෙකම වෙනස්කම් සහිතව තරග වැදීමට සැලසුම් කර තිබේ. එහිදී විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් පහක් සිදුකරද්දී පාකිස්තානයද වෙනස්කම් තුනක් සිදුකර තිබීමයි.
ලෝක කුසලාන සංචිතයට ක‍්‍රීඩකයන් තෝරා ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව බංකුවේ සිටි ක‍්‍රීඩකයන් සියලූ දෙනාටම අවස්ථාව ලබාදී ඇත්තේ තරගාවලිය කලින් ජයග‍්‍රහණය කර තිබීම හේතුවෙනි. එහිදී සධීර සමරවික‍්‍රම, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප‍්‍රනාන්දු, ළහිරු මධුෂංක සහ ළහිරු කුමාරව කණ්ඩායම කැදවද්දී මිනෝද් භානුක, ෂෙහාන් ජයසූරිය, අවිශ්ක ප‍්‍රනාන්දු, ඉසුරු උදාන සහ නුවන් ප‍්‍රදීප්ව විවේක ගන්වා තිබේ.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඕෂධ ප‍්‍රනාන්දු මෙහිදී ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වරම් ලැබු අතර ඔහු මීට පෙර ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග හයකට ක‍්‍රීඩා කර තිබුණද විස්සයි විස්ස ක‍්‍රීඩා කර නොතිබුණි.
පාකිස්තානයේ අහමඞ් ශේෂාඞ්, උමාර් අක්මාල් සහ හසනන් වෙනුවට හාරිස් සොහෙල්, ඉෆ්තිකාර් සහ ෂිවනරි කණ්ඩායමට කැඳවා තිබේ.