Home CRICKET ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ළඟටම වෙළෙන්දන් ඇවිත්…..

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ළඟටම වෙළෙන්දන් ඇවිත්…..

පාකිස්තානයේදී ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට ප‍්‍රභූ ආරක්ෂාවක් ලබාදීම හේතුවෙන් තරග නොමැති දිනවලදී ඔවුන්ට නැවතී සිටින හෝටලයෙන් පිටතට යෑමට නොහැකි විය. දැඩි රැුකවල් යොදා තිබීම නිසා ක‍්‍රීඩකයන් හෝටල් පරිශ‍්‍රයේ කාමරවල මෙන්ම ජිම් පුහුණුව සහ පිහිණුම් තටාකයේ සිය කාලය ගෙවා දැමුවේය.

ඒ අනූව අද (09 දා* ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ළඟටම වෙළෙන්දන් ඇවිත්…..පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරගය අවසන් වී ශ‍්‍රී ලංකා පිල කෙළින්ම ගුවන් තොටුපළට පැමිණ ශ‍්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බැවින් ඔවුන් ෂොපින් කිරීමට නොහැකි වීමෙන් වෙළඳුන් සිය කාමරවලට ගෙන්වා ගැනීමට පාකිස්තාන් ආරක්ෂ අංශ කටයුතු යොදා තිබුණි. ඒ අනූව ක‍්‍රීඩකයන්ට අවශ්‍ය බඩු භාණ්ඩ වෙළඳුන් විසින් පී.සී හෝටල් පරිශ‍්‍රයේදී ක‍්‍රීඩකයන් වෙත බඩු භාණ්ඩ විකුණු අයුරු මෙසේ ඡුායාරූප ගත විය.