Home GOSSIP ලෝකඩ පදක්කම තුට්ටුවකට දැමූ කබඩි සම්මේලනයෙන් කැකිල්ලේ තීන්දුවක්..

ලෝකඩ පදක්කම තුට්ටුවකට දැමූ කබඩි සම්මේලනයෙන් කැකිල්ලේ තීන්දුවක්..

නිමාවට පත්වූ 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමට හිමි වූ ලෝකඩ පදක්කම වෙනුවෙන් පිරිනැමෙන් මුදල් ත්‍යාගය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය තීරණය කර තිබේ. මෙවර තරගාවලියේදී ශී‍්‍ර ලංකා කඩබි කාන්තා කණ්ඩායම දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් අදාළ මුදල් ත්‍යාගය ලබා දීම අතහිටුවා ඇති අතර එම මුදල් ත්‍යාගය මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගත් පිරිමි කණ්ඩායමට ලබා දීමට තීරණය කර ඇතැයි ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය වැඩිදුරටත් කියා සිටී.
දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට පිටත්වීමට පෙර මාස ගණනක් තිස්සේ කී‍්‍රඩා අමාත්‍යංශය විසින්, ආහාර සහ වෛද්‍ය පහසුකම් ඇතුළුව නේවාසික පහසුකම් සහිත පුහුණුවක් ශී‍්‍ර ලංකා කබඩි කණ්ඩායමට ලබා දුන්නේය. එ් අනුව මෙවර තරගාවලියේදී කිසිදු ජයග‍්‍රහණයක් ලාබා ගැනීමට නොහැකි වුවද නිතරගයකින් හිමි වූ කාන්තා රිදී පදක්කම වෙනුවෙන් මුදල් ත්‍යාගය ලබා නොදීමට ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය වැඩිදුරටත් ප‍්‍රකාශකර සිටින්නේ එම මුදල් පිරිමි කබඩි කණ්ඩායමට ලබාදෙන මෙන් ඉල්ලමින් කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා වෙත ලිපියක් යවමින් දන්වා සිටි බවය.
මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී කාන්තා කබඩි ඉසව්ව වෙනුවෙන් ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, නොපාලය සහ බංග්ලාදේශය යන කණ්ඩායම් 4 පමණක් තරග වැදුණි. එහිදී ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ සියලූම තරග පරාජයට පත්වීද ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට සම ලෝකඩ පදක්කමක් හිමිවිය. එහිදී ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම දකුණු ආසියානු කබඩි ඉතිහාසයේ වාර්තා කළ පළමු ලෝකඩ පදක්කම දිනා ගනිමින් ෙඓතිහාසික ජයග‍්‍රහණයක ශී‍්‍ර ලංකාවට ලබා දීමට සමත් විය.