Home CRICKET ශ‍්‍රී ලංකා ලයන්ස් කොල්ලෝ කොරියානු විස්සේ ශූරයෝ වෙති

ශ‍්‍රී ලංකා ලයන්ස් කොල්ලෝ කොරියානු විස්සේ ශූරයෝ වෙති

කොරියාවේ සේවයේ නියුතු විදෙස් ශ‍්‍රමිකයින් වෙනුවෙන් වාර්ශිකව පවත්වනු ලබන ‘කොරියානු සභාපති කුසලාන’ විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පාකිස්තාන යංග්ස්ටාර් පිල කඩුලු 3 ක පරාජයකට ඇද දැමූ ශ‍්‍රී ලංකන් ලයන්ස් පිල ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකා ලයන්ස් පිල අදාළ කුසලාන අවසන් මහා තරගයක් සදහා අඛණ්ඩව සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වන අතර පෙර අවස්ථා දෙකේදීම අනුශූරතාවෙන් සෑහීමට පත්වන්නට ඔවුන්ට සිදුවිය.
කාසියේ වාසිය සමගින් පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත්කළ පාකිස්තාන පිල පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 156 ක් රැුස්කරන අතරවාරයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු දෙකක් සහ කඩුලූ තුනක් අතැතිව ලකුණු 157 ක් සමගින් ජයග‍්‍රහණය සපුරා ගැණින.

පාකිස්තාන පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කළ සංජීව ඉද්දල ලකුණු 34 කට කඩුලූ දෙකක් දවාගත් අතර එ්.කේ. දමිත් හා ශානක දේවගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. ජයග‍්‍රහණය හඹායාම සදහා පිටියට පිවිසි ලයන්ස් පිල ඉහළින් ඔසවා තැබූ ටල්සන් රත්නපාල අගනා ලකුණු 60 ක් රැුස්කරමින් සිය පිලේ ජය පහසු කළේය. හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් පන්දු 48 කදී වාර්තා වූ අදාළ ලකුණු සංඛ්‍යාව හේතුවෙන් තරගයේ වීරයා බවටද හෙතෙම තේරී පත්විය.

ශ‍්‍රී ලංකාව ඇතුලූ රටවල් 18 කගේ සහභාගීත්වයෙන් පැවැති මෙවර තරගාවලියේ ශ‍්‍රී ලංකා ලයන්ස් පිල පළමු වටයේ සහභාගී වූ සියලූ තරග ජය ගනිමින් මෙම අවසන් තරග වරම් හිමිකර ගැණින.