Home FOOTBALL ජයන්ලුයිජි බෆන් හඩා වැළපෙමින් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි

ජයන්ලුයිජි බෆන් හඩා වැළපෙමින් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි

ජයන්ලුයිජි බෆන් හඩා වැටෙමින්

පසුගියදා පැවැති 2018 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉතාලිය ඉවත්වීමත් සමගින් එරට සුප්‍රකට දැල් පන්දු රකින්නා සේම ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා වූ ජයන්ලුයිජි බෆන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදීමට පියවර ගෙන තිබේ.

ස්වීඩනය සමග පැවැති එම සුදුසුකම් ලැබීමේ අවසන් තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ජයන්ලුයිජි බෆන් ඇතුළු කණ්ඩායම සමත් වුවත් එම දස්කම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් නොවීය.

1958 වසරෙන් පසු ඉතාලි ජාතික කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක් සදහා නොසුදුස්සන් වීම හේතුවෙන් දැඩි කනස්සල්ලට පත්ව තම සමුගැනීම සටහන් කළ ජයන්ලුයිජි බෆන් සමුගන්නා විට ඉතාලි කණ්ඩායම වෙනුවෙන් වසර 20 ක්‍රීඩා කරමින් තරග 175කට ක්‍රීඩා කර ඇති අතර ඔහු 2006 ලෝක ශූර ඉතාලි පාපන්දු කණ්ඩායමේ සාමාජිකයකුද වෙයි.