Home ATHLETICS ඔලිම්පික් කල් යෑමෙන් ජපානයට ඩොලර් මිලියන 6.32 ක අලාභයක්

ඔලිම්පික් කල් යෑමෙන් ජපානයට ඩොලර් මිලියන 6.32 ක අලාභයක්

කොරෝනා වෛරසය හේතුවෙන් විවිධ පාර්ශ්ශව වලින් එල්ලවූ චෝදනා හමුවේ කල් දැමුණු 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල යළි පවත්වන දිනයක් තවමත් ප‍්‍රකාශ කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් බළධාරීන් අසමත් වී තිබේ. ඒ අනූව පසුගියදා ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීමට තීරණය කර තිබේ.
ලබන ජූලි මස 24 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ඔලිම්පික් උළෙල ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබූ අතර ඒ සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 11000 කට වැඩි පිරිසක් තරග වැදීමට නියමිතව තිබුණි. අනතුරුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ ජපාන රජය ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 9 ක් වැය කර ඇති බවයි.
ආසියානු පෞද්ගලික ආර්ථික විශේෂඥ කණ්ඩායමක් තක්සේරු කර ඇති පරිදි ඔලිම්පික් උළෙල කල් දැමීම හේතුවෙන් ජපාන යෙන් 700 ක් හෙවත් ඇ.ඩො. බිලියන 6.32 කට ආසන්න මුදලක් සත්කාරකයන්ට අහිමි වන බව සඳහන් වේ. ජපානයේ සංචාරක කර්මාන්තයටද එමගින් දැඩි බලපෑමක් එල්ලවී ඇති බව සඳහන් වේ.
මෙවර ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12.6 ක් ජපානය විසින් වැය කිරීමට නියමිතව තිබුණි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් නව හෝටල් කාමර 46,000 ක් ඉදි කිරීමටද ජපානය කටයුතු යොදා තිබුණි. කෙසේ වෙතත් වසරකින් කල් දැමුණු ඔලිම්පික් උළෙල 2021 වසරේ ජුනි මාසයෙන් පසුව පැවැත්වෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වුවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැත.