33 වැනි යෞවන ක්‍රීඩා ශූරතාව ගම්පහට

33 වැනි ජාතික යෞවන කි්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව ලකුණු 170 ක් ලබාගත් ගම්පහ දිස්ත්‍රික්කය විසින්  (22දා)  දිනාගනු ලැබූ අතර, ඔවුන් මෙවර එම ශූරතාව දිනාගනු ලැබුවේ පිට පිටම 7 වන වතාවටය.

ක්‍රීඩා උළෙලේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ලකුණු 102 ක් ලබාගත් කොළඹ දිස්ත්‍රික්කය හා ලකුණු 93 ක් ලබාගත් මහනුවර දිස්ත්‍රික්කය විසින් දිනාගනු ලැබීය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම ක්‍රීඩා උළෙල 19 දා සිට 22 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී නව තරග වාර්තා 11 ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 20 න් පහළ දක‍ෂතම ක්‍රීඩකයා ලෙසින් මීටර් 110 කඩුලූ පැනීම තරග ඉසව්වේ (තත්.14.27) දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් බිහි කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බී.ඒ.එස්.කේ ඩයස් ක්‍රීඩකයා විසින් දිනාගනු ලැබීය. මෙහි දක‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් මීටර් 400 තරග ඉසව්වෙන් (තත්.56.00) දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් බිහි කළ ගම්පහ දිස්ත්‍රික්කයේ සයුරි ලක්ෂිමා මෙන්්ඩිස් ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබීය. 20 න් ඉහළ දක‍ෂතම ක්‍රීඩකයා ලෙසින් දුර පැනීම තරග ඉසව්වෙන් (මීටර් 7.52) ක දක්ෂතාවයක් දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ එච්.බී.එම්.වයි.පී.බී හේරත් ක්‍රීඩකයා විසින් දිනාගනු ලැබූ අතර, මෙහි දක‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් මීටර් 400 කඩුලූ පැනීම තරග ඉසව්වේ (මිනිත්තු 1.00.44) ක දක්ෂතාවයක් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊ.කේ මධුෂානි ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබූ අතර, මෙහි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා හට කුසලානය බැගින් හා මුදලින් රු.250000 බැගින් හිමි විය.