ෆෙරන් ටොරස්ට මිලියන 55ක ගිවිසුමක්

ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ෆෙරන් ටොරස් මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයෙන් වෙන් වී බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීම උදෙසා පවුම් මිලියන 55ක ගිවිසුමකට එකඟ වෙයි. ඔහු මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයට කලින් වැලන්සිනා පාපන්දු සමාජයට ක්‍රීඩා කළ අතර, මෙවර වැඩිම මුදලකට කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කොට ඇත.

ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් තරග 22කට සහභාගීවී සිටි ෆෙරන් ටොරස් ගෝල් 22ක් වාර්තා කිරීමට සමත්ව සිටී.