Home FOOTBALL සභාපති කුසලාන ආරාධිත පාපාන්දු තරගාවලිය – කොළඹ සහ බ්ලු ස්ටාර් දිනති

සභාපති කුසලාන ආරාධිත පාපාන්දු තරගාවලිය – කොළඹ සහ බ්ලු ස්ටාර් දිනති

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන සභාපති කුසලාන ආරාධිත පාපාන්දු තරගාවලියේ තවත තරග දෙකක් ඊයේ (්11 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ අනුව තරගාවලියේ ‘ඊ’ කාණ්ඩය නියෝජනය කරමින් බ්ලූ ඊගල් කණ්ඩායම සහ ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමත් කොළඹ පාපන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංගම කණ්ඩායමත් ඊයේ තරග වැදුණු අතර එහිදී ජය හිමි කර ගැනීමට කොළඹ කණ්ඩායම සහ බ්ලු ඊගල් කණ්ඩායම් සමත් විය.
ඊයේ පස්වරු 3.30ට ආරම්භ වූ කොළඹ සහ ශ්‍රී ලංගම කණ්ඩායම අතර තරගයේදී ගෝල 3-0ක් ලෙස ජය හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. තරගයේ පළමු අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය. දෙවැනි අර්ධයේ ආරම්භයේ සිටම සිය ප්‍රතිවාදීන හට තරජනයක් එල්ල කිරීමට සමත් වූ කොළඹ ක්‍රීඩකයෝ පිළිවෙලින් 50, 63 සහ 68 වැනි විනාඩිවලදී ගෝල වාර්තා කරමින් තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.
බ්ලූ ඊගල් සහ ක්‍රිස්ටල් පැලස් අතර තරග ඊයේ සවස 6.30ට ආරම්භ වූ අතැ එහිදී තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස ජය හිමිකර ගැනීමට බ්ලු ඊගල් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලදී ‘ඒ’ කාණ්ඩයෙන් මොරගස්මුල්ල පරාජයට පත් කරමින් ගෝල 3-1ක ජයක් ලබා ගැනීමට බ්ලූ ස්ටාර් කණ්ඩායම සමත් වූ අතර අප් කන්ටි්‍ර සහ ජවාලේන් අතර තරග ගෝල 3-3ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් විය.
‘බී’ කාණ්ඩය යටතේ පැවැති තරගවලදී රිනවුන් කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණව අත් කර ගැනීමට නිව් ස්ටාර් කණ්ඩායම සමත් වූ අතර මාතර සිටි සහ නිව් යංග් කණ්ඩායම අතර තරගය 1-1ක් ලෙස විසඳුමක් රහිතව නිමාවට පත් විය.
යුද හමුදා කණ්ඩායම සහ සුපර් සන් කණ්ඩායම ‘සී’ කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදුණු අතර එහිදී ගෝල 4-1ක් ලෙස ජය හිමිකර ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. එම කාණ්ඩය යටතේ රෙඞ් ස්ටාර් සහ සෝන්ඩර්ස් කණ්ඩායම අතර තරගයේදී ගෝල 2-1ක් ලෙස ජය හිමිකර ගැනීමට රෙඞ් සටාර් සමත් විය.
‘ඩී’ කාණ්ඩය යටතේ රත්නම් සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරග ගෝල 4-2ක් ලෙස ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. සී හෝක්ස් සහ සෙරන්ඩිබ් අතර තරගය ගෝල 3-3ක් ලෙස ජය පාරාජයකින් තොරව අවසන් විය.