ක්‍රිකට් තාක්ෂණික කමිටුව පත් කෙරේ

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවන් නව තාක්ෂණික කමිටුවක් පත් කිරීමට නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබිණි. ඒ අනුව එම සංකල්පය ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනකු ඇතුළත් කරමින් එම කමිටුව පත්කර තිබේ.
පත් කළ නව තාක්ෂණික කමිටුවේ සභාපති ධුරය අරවින්ද ද සිලවා හට හිමි වී ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර සංගක්කාර පත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යංශයට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම වෙනුවෙන් උපදෙස් ලබා දීම මෙම කමිටුව මගින් සිදුකෙරේ.