එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණෙයි

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (03 වැනිදා) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට පැමිණියේය. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙ අතර මෙරටට පැමැණි එංගලන්ත කණ්ඩායමේ ඇන්ටිජන් පරික්ෂණ මේ වනවිට සිදුකර අවසන් අතර ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වේ.