පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. දෙවැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා හිමවූ ලකුණු 74ක ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමල කඩුලු 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට තරඟයේ 5වැනි දිනය වූ අද (18 වැනිදා) උදෑසන සමත් විය.
අදාළ ජයග්‍රහණයත් සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 135 කට දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 421ක් රැස් කළේය. අනතුරුව එංගලන්තයට වඩා ලකුණු 286ක් පසුපසින් සිටිමින් සිය දෙවනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 359ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 74ක ඉලක්කයක් හිමිවිය.