ඉන්දියාව ගෙදර යද්දී කෝලි ඔටුන්න ගලවා දමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි අනුමාන කළ ඉන්දියානු කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසි විය. අදාළ පරාජයත් සමග ඉන්දියානු නායක විරාට් කෝලි සිය විස්සයි විස්ස නායකත්වයට සමුදීමද විශේෂත්වයකි.
‘බී’ කාණ්ඩයෙන් තරග කළ ඉන්දියාව පළමු තරගයේදී පාකිස්තානය හමුවේ අන්ත පරාජයක් ලැබු අතර අනතුරුව ඔවුන්ට ජය ගැනීමට හැකි වුයේ තරග දෙකක් පමනි.  ‘බී’ කාණ්ඩයෙන් අවසන් පුර්ව තරග අවස්ථාව උදා කර ගැනීමට නවසීලන්තය සහ පාකිස්තානය සමත් විය.
ඒ කාණ්ඩයෙන් අවසන් පුර්ව තරග අවස්ථාව උදාකර ගැනීමට එංගලන්තය සහ ඔස්ටේ්‍ලියාව සමත් විය. එම කාණ්ඩයේ තෙවැනි තැනට පත්වූ දකුණු අප්‍රිකාවද ප්‍රසාද ලකුණු අටක් ලබා අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ ආසන්නයටම පැමිණ තිබුණත් දළ ලකුණු වේගය මත අදාළ අවස්ථාව අහිමි විය. ශ්‍රී ලංකා සිව්වැනි තැනට පත්වෙමින් තරගාවලිය අවසන් කළේය.