පාකිස්තානය අමාරුවේ දමන හැටි ඇඹුල්දෙණිය කියයි


පාකිස්තානයට අභියෝගයක් එල්ල කිරීමට නම් පළමු ඉනිමේදී ලකුණු 300 ක්වත් ලබා ගත යුතු බව පස්වැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන ලසිත් ඇඹුල්දෙණිය පවසයි. ඊයේ තරගයෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
සිය පස්වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයට ක‍්‍රීඩා කරන ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 71 කට කඩුලූ 4 ක් දවා ගත් අතර ඔහු ඉනිමක කඩුලූ හතරක් දවා ගත් දෙවැනි අවස්ථාවද මෙය වේ.
‘‘මේ කඩුල්ල පන්දු යවන්නන්ට සහයක් දක්වනවා. අපේ සැලසුම තියෙන්නෙ පළමු ඉනිමේදී ලකුණු 300 ක්වත් ලබාගෙන පාකිස්තානයට තර්ජනයක් එල්ල කරන්න. මම හිතනවා අපිට ඒ ඉලක්කයට යන්න පුළුවන් කියලා. තණතීරුවේ පිතිකරණයේ යෙදෙන්නත් ලෙහෙසි නැහැ.’’
ශ‍්‍රී ලංකා කණ්ඩායමට නවක පන්දු යවන්නන් පැමිණෙන අවධියක වමත් දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත්ගේ ස්ථානය දිනා ගන්න ඔබ සූදානම්දැයි විමසන ලදුව, ‘‘රංගන අයියගෙ තැන ගන්නවා කියන එක ලෙහෙසි නැහැ. මම බලාපොරොත්තුවෙන්න උපරිමය කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දෙන්න. වත්මන් පුහුණුකරු මිකී ආතර් මගේ තාක්ෂණික පැත්ත පන්දු යැවීමේදී බැලූවා.’’ යනුවෙන් පැවසීය.
තණතීරුව දඟ කැවෙන බවත් ඔහු පන්දු යැවූ අන්තයේ එක් ස්ථානයක කඩතොළු සහිත ස්වභාවයක් ඇති බවත් පැවසූ ඇඹුල්දෙණිය අද දිනයේදී උපරිම වේලාවක් කඩුල්ලේ රැුදී සිටීමට උත්සහ කරන බවද පැවසීය. ඔහු මේ වන විට සැඳෑ ආරක්ෂක පිතිකරුවා වශයෙන් පන්දු 10 කදී ලකුණු 3 ක් ලබා ඇන්ජලෝ මැතිව්ස් සමග කඩුල්ලේ රැුදී සිටියි.
පාකිස්තාන් පළමු ඉනිම ලකුණු 191 කට සීමා කිරීමේදී ඇඹුල්දෙණිය සමග ළහිරු කුමාරද කඩුලූ හතරක් දවා ගත් අතර විශ්ව ප‍්‍රනාන්දු කඩුලූ දෙකක් දවා ගත්තේය. ශ‍්‍රී ලංකා ඉනිම පළමු දිනය නවතා දමන විට කඩුලූ 3 කට ලකුණු 64 ක් ලබා සිටියේය. පළමු දිනට කඩුලූ 13 ක් දැවි යද්දී ශ‍්‍රී ලංකා පිලේ දිමුත් කරුණාරත්න, ඕෂධ ප‍්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස්ද දැවී ගිය පිතිකරුන් අතර විය.