බුම්රාට මතක වුණාට සමහරුන්ට මතක නැහැ – මාලිංග

ලසිත් මාලිංග ඔහු උගත් ක‍්‍රිකට් දැනුම ඕනෑම කෙනෙකුට නිර්ලෝභීව ලබාදීමට කැමැත්තෙන් පසුවේ. ඉන්දියාවේ ජස්ප‍්‍රිට් බුම්රා මාලිංගගේ ඔවදන් සමග සාර්ථක වූ පන්දු යවන්නෙකි. මාලිංගගේ දක්ෂතාව අගය කරමින් ඔහු ට්විටර් පණිවුඩයක්ද එවා තිබුණි.
‘‘ඉන්දියාවේ ජස්ප‍්‍රිට් බුම්රා දැන් හොඳට පන්දු යවනවා. ඔහු මගේ ඉගෙන ගත් දෙයින් පස්සෙ හරියට පන්දු යවනවා කියලා හිතනවා. ඔහුත් ඒ ගැන කියනවා.’’ යැයි මාලිංග පවසයි.
බුම්රා ඉගෙන ගත්තේ කෙසේද යන්න පැවසුව ශ‍්‍රී ලංකාවේ ඇතැම් පන්දු යවන්නන් තමන්ගෙන් ඉගෙන ගත් දේ නොපවසන බවද මාලිංග කියයි.
‘‘මම ක‍්‍රීඩකයෙක් විදිහට ක‍්‍රීඩා කරන්නෙ. මම රටින් පිටට ගියාම යම්කිසි ක‍්‍රීඩකයෙක් දැක්කොත් මට උගන්වන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අයි.පී.එල්. වලදී මාව ගත්තා පුහුණු උපදේශකයෙක් විදිහට. එදා මට මාධ්‍යයෙන් ගැහුව්වා කි‍්‍රකට් ගහන්න බැරි නිසා උපදේශකයෙක් විදිහට අරන් කියලා. නමුත් ඔවුන් මට සාධාරණයක් කළ නිසා මමත් සාධාරණයක් කළා. ජස්ප‍්‍රිට් බුම්රා කියන ක‍්‍රීඩකයා දැන් හොඳට පන්දු යවනවා. මම ඔහුට ගොඩක් දේ කියා දුන්නා. මට ඒ අංශවලට ඒ පුද්ගලයන් ඉන්නකොට කියන්න අවශ්‍ය නැහැ. කවුරු හරි මගෙන් මොනව හැරි ඇහුව්වොත් 100% ක් දෙනවා. ජස්ප‍්‍රිට් බුම්රා නිහතමානී නිසා මම කරපු දේ කියන්න ඇති. අපේ කී‍්‍රඩකයන් මගෙන් ඉගෙනගෙන මගේ නම නොකිව්වට මට කමක් නැහැ. ශ‍්‍රී ලංකාවේ හරි පිටරට හරි ඕනෑම කෙනෙක් මගෙන් ඉල්ලන ක‍්‍රිකට් උදව් මම කරනවා.’’