සිංහයන්ගේ 2019 කොරියානු ක්‍රිකට් ශූරතාවය

වසරක් පාසා කොරියානු ක්‍රිකට් සංගමය හා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන කොරියානු කුසලාන තරගාවලියේ මෙම වසරේත් ශ්‍රී ලංකාව නියෝජනය කරන ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ඇත.කණ්ඩායම් 20කින් සමන්විත තරගාවලියේ A කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා පාකිස්තානි ඊගල්ස් කණ්ඩායම සමඟ ඔක්තෝම්බර් මස 27 වන ඉරිදින සවස 1.00 හි සිට තරග වැදීමට නියමිතය.

ශ්‍රීලංකාව,ඉන්දියාව,පාකිස්තානය,බංගලදේශය,නේපාලය,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය ආදී රටවල් වල සහභාගිත්වයෙන් පවතින මෙම තරගාවලිය අප්‍රේල් මස සිට නොකඩවා මේ දක්වා පැවැත්වුනි.විශේෂයෙන් මෙම වසරේ කොරියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී පෙරමුන ගෙන සිටින්නේද ලයන්ස් ක්‍රීඩකයන් වේ.

හොදම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ

2 වන ස්ථානය – දිලීප මෙන්ඩිස්

3 වන ස්ථානය – A.K.දමිත් , ක්‍රීඩකයාත්

හොදම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ

ප්‍රථම ස්ථානය – A.K.දමිත් ටත්

පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය දිලීප මෙන්ඩිස් ක්‍රීඩකයාත් හිමිකරගෙන සිටී.