ගාල්ල මහින්ද – ගාල්ල ශාන්ත ඇලෝසියස් 9 වැනි පැසිපන්දු මහා තරගය

ගාල්ල නගරයේ පැසිපන්දු ක‍්‍රීඩාවේ යෙදෙන ප‍්‍රධාන පාසල් පාසල් ද්විත්වයක් වන ගාල්ල මහින්ද විද්යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්යාලය අතර වන 9වැනි පැසිපන්දු මහා තරගය සෙනසුරාදා (2) පස්වරු 3 සිට ශාන්ත ඇලෝසියස් විද්යාලයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වේ.
විද්යාසල දෙක අතර මේ දක්වා තරග 8ක් පවත්වා ඇති අතර, ඉන් තරග 7ක් ජයගෙන ශාන්ත ඇලෝසියස් විද්යානලය ඉදිරියෙන් පසුවේ. පසුගිය වසරේ ගාල්ල මහින්ද විද්යාලයේ සත්කාරකත්වය ඇතිව පැවැති 8වැනි තරගයේ ජයග්රයහණය මහින්ද විසින් හිමිකර ගැනීමට සමත්විය.
මෙවර 9 වැනි මහා තරගයේදී සත්කාරක ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්යා.ල පිල හේෂාන් දිනුක විසින් මෙහෙයවනු ලබන අතර, ගාල්ල මහින්ද විද්යාලලය ළසිඳු දිදුලංග වීරකෝන් ගේ නායකත්වය යටතේ තරග බිමට එක්වේ.
මෙම මහා තරගයට සමගාමීව පස්වරු 1.00ට වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම් දෙක අතර තරගය පැවැත්වෙන අතර පස්වරු 2.00ට ආදි ශිෂ්යද තරගය පැවැත්වේ.
විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතාගේ උපදෙස් පරිදි චමිල චූලාංග මහතා ගාල්ල මහින්ද විද්යා ලයේ පැසිපන්දු ක්රීහඩා භාර ආචාර්ය ලෙස කටයුතු කරන අතර, ධනංජය සමීර මහතා පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
විදුහල්පති නයනප්රිාය පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ගාමිණි ලියනගේ මහතා ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්යා්ලයේ පැසිපන්දු ක්රීරඩා භාර ආචාර්ය ලෙස කටයුතු කරන අතර, ලිලන්ත දිනේෂ් මහතා ප්රලධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
ගාල්ල මහින්ද විද්යාැලයීය පැසිපන්දු සංචිතය: ළසිඳු දිදුලංග වීරකෝන් (නායක), සවිඳු යාසර දීගොඩගමගේ, ධවිෂ්ක අධිකාරි, වල්පිට ගමගේ ලුතිර ගීසිළු, ඩිෂාන් උෂාන් මැද්දකන්දගේ. ගෞරව තරිඳු ජයවික්රිම, හරීන් දිමංක සිරිසේන, විහඟ පුන්සිත් දිසානායක, චරුන් හිමංස, පසන් මධුභාෂණ, උදේෂ් චමෝද රුවන්පුර, සස්මිත සිසුරු අබේනායක, ජනිඳු නෙත්සර, චරිඳු සත්සර, තිවිනු තුල්නිත්, චමිල චූලාංග මහතා (පැසිපන්දු ක්රී්ඩා භාර ආචාර්ය), ධනංජය සමීර මහතා (පුහුණුකරු), ගාමිණි ජයවර්ධන මහතා (විදුහල්පති)
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්යාුලයීය පැසිපන්දු සංචිතය: හේෂාන් දිනුක (නායක), ආදිත්යත සත්සර, යොහාන් රශ්මිත, නිළුක මානවඩු, පමෝදිත් ගිම්සර, සවිඳු කාවින්ද, පවන් උදන්ත, මොහොමඩ් ෂමි, කවීෂ චාන්, අනුජ ඉඳුතර, සිතුම් මලීෂ, දනිඳු නිර්මාණ, විහඟ රුවින්ද, ආදිත්ය පුස්සවෙල, ලිලන්ත දිනේෂ් මහතා (ප්රාධාන පුහුණුකරු), සචින් මධුෂාන් මහතා (සහාය පුහුණුකරු), වී. ගනරාජ් මහතා (සහාය පුහුණුකරු), ගාමිණි ලියනගේ මහතා (පැසිපන්දු ක්රී ඩා භාර ආචාර්ය), නයනප්රිමය පෙරේරා මහතා (විදුහල්පති)