මිකී ආතර් සහ තිරිමාන්නට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කළ ළහිරු තිරිමාන්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාලේ සහභාගීත්වය එළැඹෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී සිදු නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. බටහිර ඉන්දීය කොදෙව් බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 20 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබේ.
මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිත මිකී ආතර් සහ ළහිරු තිරිමාන්න රජයේ වෛද්‍ය උපදෙස් අනුව නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව ඊයේ පැවැති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවයට තිරිමාන්න සමගින් සහභාගි වූ ක්‍රීඩකයික් කිහිප දෙනකුද ස්වයා නිරෝධයනයට ලක්කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කර සිටී.