මිකීගේ මිතුරු කම ගැන දික්කා කියයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු මිකී ආතර් තම කණ්ඩායම සමග ඉතාමත් මිත‍්‍රත්වයෙන් සහ සහයෝගයෙන් වැඩ කරන බවද දික්වැල්ල පවසයි. ‘‘නව පුහුණුකරුවා ඉතාමත් හොඳින් අපිත් එක්ක වැඩ කරනවා. ඔහු දවසින් දවස සැලසුම් සකස් කරමින් ඉලක්ක ලබා දෙනවා. අපිට ඔහු පළමු දවසේදී ලකුණු 300 ක් ලබා ගැනීමේ ඉලක්කයක් දුන්නා. නමුත් තරගය කලින් අවසන් වුණත් අපිට දුන්න ඉලක්කයට අපි ගියා. දෙවැනි දිනයේදී දුන්න ඉලක්කයට යන්න ලැබුණෙ නැහැ වර්ෂාව නිසා. ඔහු හරිම මිතුරු කමින් තමයි අපිත් එක්ක වැඩ කරන්නෙ.’’
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ වාසිය ලබා ගැනීම සම්බන්ධයෙන්ද දික්වැල්ල වැඩිදුරටත් අදහස් දැක්වීය.
තණතීරුවේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වු දික්වැල්ල, ‘‘තණතීරුව පිතිකරණයේ යෙදෙන්න පුළුවන්. නමුත් විදුලි ආලෝකය වැටුණහම පන්දුව දෝලනය වන ගතියක් තියෙනවා. මීදුම ගතියකුත් තියෙනවා. කොහොම වුණත් කුණු 300 කට වඩා ලබා ගත්තොත් අපේ පන්දු යවන්නන් පාකිස්තානයට හොඳ අභියෝයක් ලබා දේවි.’’
ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරගාවලියක් වශයෙන් පැවැතවෙන මෙම තරගාවලියේ සැලසුම සම්බන්ධයෙන් විමසන ලදුව, ‘‘තරගය ජය පරාජයෙන් ඉවර වුණොත් දෙපිලටම ලකුණු 20 බැගින් ලැබෙනවා. ඒ නිසා අපි බලන්නේ කොහොම හරි ලකුණු ලබා ගන්න. පළමු ඉනිමේ ඉදිරියෙන් හිටියට ලකුණු ලැබෙන්නෙ නැති නිසා තරගය සම්පූර්ණම දිනාගන්න තමයි උත්සහය.’’ යනුවෙන් දික්වැල්ල පැවසීය.