ඕෂධගේ ශතකයෙන් පාකිස්තානුවන්ගේ මාස 13 කට පසු ටෙස්ට් ජයක් පමා වෙයි

ජයග‍්‍රහණය වෙනුවෙන් දෙවැනි ඉනිමේදී කිසිදු සැලැස්මක් නොතිබු බවත් පන්දුව එන විදිහට ගහන එක කිරීම එකම සැලසුම බවත් දික්වැල්ල පවසයි. ඔහු ලකුණු 65 ක් ලබාගෙන දැවී ගියද ඉදිරියේදී ශතක දෙක තුනක් ලබා ගන්නා බවද පවසයි.
‘‘අපිට දවස ඉවර වෙන කොට මෙතන ඉන්නවා කියන සැලැස්මක් තිබුණෙ නැහැ. මැදට ගිහිල්ල පන්දුව එන විදිහට ගහන එක තමයි හැම පිතිකරුවකුගෙම තිබුණෙ. දවස ඉවර වුණාට පස්සෙ තමයි අපි කොතනද ඉන්නෙ කියලා බලන්නෙ. ආරම්භක පිතිකරුවන් යන්නෙ පන්දුව පරණ කරලා හොඳ ආරම්භයක් අරන් දෙන්න. ඊට පස්සෙ තමයි අපි බලන්නෙ කඩුලූ වැටෙන වෙලාවට මොකද කරන්නෙ කියලා. මම යන විට ලකුණු 97 කට කඩුලූ පහක් වැටිලා තිබුණා. ගිය ගමන් මම පන්දු කිහිපයක් අපහසුතාවට පත් වුණා. ඊට පස්සෙ ඕෂධත් එක්ක කතා කරලා ධනාත්මක පහරවල් එල්ල කරන්න තීරණය කළා. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු ලකුණු ගාණක් හඹා යනකොට මුල් පෙළ පිතිකරුවන් හොඳ අත්තිවාරමක් ලබා දෙන්න ඕන. ඒක අපිට මේ ඉනිමේදී වැටුණෙ නැහැ.’’
‘‘ඇත්තටම මම ශතකයක් ගහන්න බලාපොරොත්තුවෙන් ක‍්‍රීඩා කරන්නෙ නැහැ. නමුත් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ශතක දෙක තුනක් ලබා ගන්න. මේ තණතීරුවේ තෙවැනි සහ සිව්වැනි දිනයේදී පිතිකරුවන්ට හොඳ වුණා. නමුත් පාකිස්තාන් පන්දු යවන්නන් පන්දු රකින්නන් යොදවලා තියෙන ස්ථානයටම පන්දු යැව්වා. විශේෂයෙන් කියන්න ඕනම මම රිවර් ස්විප් පහරින් දැවී ගියත් මම ලකුණු ලබා ගත්තෙ ඒ පහරින්. මට ඉස්සරහින් බිමින් සහ උඩින් ගහනවට වඩා ඒ පහර මට විශ්වාසයි. පුහුණුවීම්වලදී මම ඒ පහර ගොඩක් පුහුණු වෙනවා.’’
ටෙස්ට් තරගයකදී පළමු පිතිකරුවන් හතර දෙනාම ශතක වාර්තා කළ ලොව දෙවැනි අවස්ථාව බවට මෙම තරගයේදී පාකිස්තාන් පිතිකරුවන් ෂාන් මෂූඞ් (135*, අබිඞ් අලී (174*, අසාර් අලී (118* සහ බාබර් අසාම් (100* වාර්තාවක් සම කිරීමට සමත්විය. මීට පෙර පළමු පිතිකරුවන් සිව්දෙනා ශතක වාර්තා කළ රට බවට පත්වූයේ ඉන්දියාවයි. ඒ 2007 වසරේදී බංග්ලාදේශයට එරෙහිවය එරෙහිව වසීම් ජෆර්, දිනේෂ් කාර්තික්, රාහුල් ඩ‍්‍රාවිඞ් හා සචින් ටෙන්ඩුල්කාර් යන පිතිකරුවන් සිව්දෙනා වේ.

ලකුණු පුවරුව
පාකිස්තානය පළමු ඉනිම 191 යි.
ශ‍්‍රී ලංකාව පළමු ඉනිම 271 යි.
පාකිස්තානය දෙවැනි ඉනිම
ෂාන් මෂූඞ් ඇ. ඕෂධ ප.කුමාර 135
අබිඞ් අලී ක.මු.කළා ප.කුමාර 174
අසාර් අලී ස්ට.දික්වැල්ල ප.ඇඹුල්දෙණිය 118
බාබර් අසාම් නොදැවී 100
මොහොමඞ් රිස්වාන් නොදැවී 21
අතිරේක 07
එකතුව පන්දුවාර 131 කදී කඩුලූ 3කට ලකුණු 555
කඩුලූ වැටීම – 1-278, 2-355, 3-503
පන්දු යැවීම
ප‍්‍රනාන්දු – 24 2 105 0 කුමාර – 29 5 139 2
ඇඹුල්දෙණිය – 50 4 193 1 පෙරේරා – 21 1 94 0
ධනංජය – 7 0 19 0
ශ‍්‍රී ලංකාව දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න ඇ.රිස්වාන් ප.අබ්බාස් 16
ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී 102
කුසල් මෙන්ඩිස් ඇ.බාබර් ප.නසීම් ෂා 00
ඇන්ජලෝ මැතිව්ස් ඇ.රිස්වාන් ප.අෆරීඩි 19
දිනේෂ් චන්දිමාල් ක.මු.කළා ප.නෂීම් ෂා 02
ධනංජය ද සිල්වා ප.යෂීර් ෂා 00
නිරෝෂන් දික්වැල්ල ප.හාරිස් 65
ඩිල්රුවන් පෙරේරා ප.නෂීම් ෂා 05
අතිරේක 03
එකතුව පන්දුවාර 60.1 කදී කඩුලූ 7 කට ලකුණු 212
කඩුලූ වැටීම – 1-39, 2-40, 3-70, 4-96, 5-97, 6-201, 7-212
පන්දු යැවීම
අෆ්රීඩි – 14 3 51 1 අබ්බාස් – 12 2 33 1
නෂීම් ෂා – 11.1 3 31 3 යෂීර් ෂා – 19 2 84 1
හාරිස් සොහෙල් – 4 0 10 1