පාකිස්තානු ආරම්භක පිතිකරුවෝ ශ‍්‍රී ලංකාවට බැට දෙති

Pakistan's Shan Masood (R) and Abid Ali make runs during the third day of the second Test cricket match between Pakistan and Sri Lanka at the National Cricket Stadium in Karachi on December 21, 2019. (Photo by Asif HASSAN / AFP) (Photo by ASIF HASSAN/AFP via Getty Images)

කරච්චි ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී පළමු කඩුල්ලට ලකුණු 278 සබඳතාවක් පිහිටුවීමට පාකිස්තාන් ආරම්භක පිතිකරු යුගල වූ අබිඞ් අලී සහ ෂාන් මෂූඞ් දෙදෙනා සමත් වූහ. ඒ අනුව ශ‍්‍රී ලංකාව ලබාගත් පළමු ඉනිමේ ලකුණු 80 ක වාසිය අභිබවා ගිය පාකිස්තානය මේ වන විට ලකුණු 315 ක් සහ කඩුුලූ 08 ක් අතැතිව පිති ප‍්‍රහාරයේ යෙදෙමින් සිටියි.
මංගල ටෙස්ට් තරගයේදීම මෙන්ම දෙවැනි ටෙස්ට් තරගයේදීද ශතකයක් වාර්තා කළ ලොව නව වැනි ක‍්‍රීඩකයා බවට පත්වූ අබිඞ් අලී පන්දු 281 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහරක් සමග ලකුණු 174 ක් ලබා ගත්තේය. අනෙක් ආරම්භක පිතිකරු ෂාන් මෂූඞ් ලකුණු 135 කට දවා ගැනීමට ළහිරු කුමාර සමත් විය. අනතුරුව පැමිණි පාකිස්තාන් නායක අසාර් අලී ලකුණු 11 ක් ලබා සිටියදී ෆෝවඞ් ෂෝට් ලෙග් හී සිටි ඕෂධ ප‍්‍රනාන්දුට ලබාදුන් උඩපන්දුව ඔහු අතහැරීමෙන් අලීද ලකුණු 57 ක් ලබා ගත්තේය.
පාකිස්තාන් ආරම්භක පිතිකරු යුගලක් පිහිටවූ හොඳ දෙවැනි සබඳතාව බවටද අලීගේ සහ මෂූඞ්ගේ පළමු කඩුල්ලේ සබඳතාව වාර්තා විය.