සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මල්ලවපොර තරගාවලියේ සමස්ත ශූරතාව මොරටුව වේල්ස්  කුමාර  විදුහලට

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙවීමෙන් දිගන ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාගාරයේදී  පවත්වන ලද 35 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මල්ලවපොර තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා  පිරිනමන ලද අභියෝග කුසලාන  බස්නාහිර පළාතට රැගෙන යාමට  මොරටුව වේල්ස්  කුමාර  විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ   .

එකී අනුශූරතාව මහනුවර දිස්ත්‍රික්කයේ කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති ජාතික පාසලට හිමිවූ අතර එම පාසල නියෝජනය කළ ඩී .එම් .ආර්. බී. දාස්වත්ත වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය .
මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය වේයන්ගොඩ මාරපොල මහා විදුහල සතු විය .
 ජයග්‍රාහී ක්‍රීඩකයින්ට තිළිණ ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යංශයේ  සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රුවන් පතිරණ සහ මධ්‍යම පලාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ( අධ්‍යාපන ) පි. අතුල ජයවර්ධන යන  මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී